පිටකොටුව තොග වෙළෙඳපොළට මසකට රුපියල් ලක්ෂ පහක් වටිනා භාවිතයට නුසුදුසු රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය එක් සැපයුම්කරුවෙකු විසින් නිකුත් කරන බව අනාවරණය කරගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්යාංශයට ලද බුද්ධි තොරතුරක් මත පාරිභෝගික කටයුතු අධිකාරිය සමග බොරැල්ල කොටා ගාර්ඩ්න්හිදී පසුගිය 23 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මේ බව හෙළිව ඇතිබව සඳහන්.
බණ්ඩාරගම අටළුගම නැවත කරළියේ
ජර්මනිය සහ පාකිස්තානයෙන් ආනයනය කළ බවට ව්‍යාජ ලේබල් අලවා මෙම නිෂ්පාදන බණ්ඩාරගම, අටළුගම කේන්ද්‍ර කරගෙන සැකසෙන බවද අනාවරණය වී තිබේ.
සම සුදුපැහැ ගන්වන ආලේපන, ෆේස්වොෂ්, සුවඳ විලවුන්, ඩියොඩ්‍රන් ඇතුළු රූපලාවණ්‍ය ද්‍රව්‍ය වලට අමතරව රූපලාවන්‍ය කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පවා මෙරටදී නිෂ්පාදනය කරන බව ද හෙළිව තිබෙනවා.
ව්‍යාපාරිකයන් කිහිපදෙනකු මෙම ජාවාරම පිටුපස සිටින බව ද අත්අඩංගුවට පත් සැකකරු විසින් හෙළි කර ඇති බව සඳහන්.
වසර පහක පමණ කාලයක සිට මෙම ජාවාරම සිදු කර ඇති අතර කොළඹට අමතරව ගම්පහ, මාතලේ, කළුතර, මහනුවර, බදුල්ල, අම්පාර ඇතුළු ප්‍රදේශ රැසකට මෙම ආලේපන බෙදාහැර ඇති බවද හෙළිව තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට