සීනි බදු වංචාව සමාජයෙන් වසන් කිරීම සඳහා රජය විසින් සතොස හරහා සිදු කරන ලද තවත් විශාල වංචාවක් පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කරනු ලැබුවා.
එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා මෙම කරුණු අනාවරණය කලේ මී මැස්සෝ You tube නාලිකාව සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.
කිලෝවක් සඳහා රුපියල් 50 ක් ලෙස පැවති ආනයනික සීනි බද්ද ශත 25 දක්වා අඩු කරමින් සහ එම බදු අඩුකිරීමේ වාසිය ජනතාවට ලබා නොදී ආණ්ඩුව තමන්ට හිතවත් සීනි ආනයනකරුවන් කිහිපදෙනෙකුට ලබා දීම හේතුවෙන් රුපියල් බිලියන 15.9 දැවැන්ත වංචාවක් මුල්‍ය වංචාවක් සිදුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය වසර අගදී අනාවරණය කර තිබෙනවා.
එම අනාවරණයට පසු සිදුව ඇති වංචාව යටපත් කොට සමාජයෙන් වසන් කිරීම සඳහා සතොස හරහා තවත් බරපතල මුල්‍ය වංචාවක් සිදුකර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
සීනි බදු වංචාව යට ගැසීමට සතොස හරහා සිදුකළ මගඩිය
එහිදී සිදුව ඇත්තේ ආනයනික බදු අඩු කිරීමේ වාසිය පාරිභෝගික ජනතවට හිමි නොවීම පිළිබඳ ප්‍රශ්න කිරීම ආරම්භ වීමත් සමග එය වසන් කිරීම සඳහා සතොස හරහා රුපියල් 85 කට සීනි විකිණීමට රජය පියවර ගැනීමයි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ එලෙස කිලෝවක් රුපියල් 85ක මිලකට අලෙවි කිරීම සඳහා සතොස විසින් සීනි කිලෝවක් මිලදී ගෙන ඇති තොග මිල රුපියල් 127 සහ 122 අතර පවතින බවයි.
එලෙස පාඩු ලබමින් මෙමබදු වංචාවේ තොරතුරු වසන් කිරීම සඳහා රජය විසින් සතොස වෙත මිලදී ගෙන ඇති සීනි ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 2000ක් බවයි වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙන්නේ.
ඉන් සිදුවී ඇති අලාභය රුපියල් ලක්ෂ 70 000 පමණ වන බවයි.
මෙහි ඇති විශේෂත්වය ලෙස ඔහු පෙන්වා දෙන්නේ එහි වාසියද අදාළ සැපයුම්කරුවන් වෙතම හිමිව ඇති බවයි.
මෙම විශේෂ අනාවරණය සිදු කරමින් වසන්ත සරසිංහ මහතා සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩසටහන් සඳහා උදව් කළ ව්‍යාපාරික හිතවතුන්ට වාසි ලබාදීම සඳහා භාණ්ඩාගාරය බිද දැමීමට අයිතියක් නොමැති බවයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට