මෙරට ජ්‍යෙෂ්ඨ භාෂා විශාරදයෙකු වු ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම්‍මානිය මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතා කෙටි කලක් රෝගාතුරව සිට මෙයට සති දෙකකට පමණ පෙර අභාවප්‍රාප්ත විය. මිය යන විට එතුමා 97 වන වියෙහි පසු විය.
ගම්‍පහ දිස්ත්‍රික්කයේ හාපිටිගම් කෝරළයේ බලගල්ල නම් ග්‍රාමයේ 1924 නොවැම්බර් මස 24 වන දින විමාල් ගුණසේකර මහතා උපත ලැබුවේ ය. දරුවන් සයදෙනකුගෙන් යුතු පවුලේ පස්වැන්නා මෙතුමා ය. වයස අවුරුදු 4 වන විට අතපොත් තබා අකුරු කියවීමෙන් පසුව පස් හැවිරිදි වියේ දී ගෙදර සමීපයේ ඇති උල්ලලපොළ විද්‍යාතිලක බෞද්ධ පිරිමි පාසලට ඇතුළත් කෙරුණි. සෑම ගුරුවරුන්ගේ ම ප්‍රසාදය හිමි කර ගත් ගුණසේකර මහතා සෑම පන්තියකම ප්‍රථම ස්ථානය ලබා ගනිමින් කුඩාකල සිට ම අධ්‍යාපනයට වැඩි දක්ෂතාවක් පෙන්වා ඇත. පසු 1938 දී එකල රාජ්‍ය මඟින් පැවැත් වූ කනිෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර පරීක්ෂණයෙන් ද ප්‍රථම පන්ති සාමර්ථයක් ලබා ගැනීමට ද මෙතුමා සමත් වුණි. එම වර්ෂයේ ම පැවැත් වූ දිස්ත්‍රික්ක පාඨශාලන්තර ගද්‍ය, පද්‍ය ප්‍රබන්ධ තරඟයට “වැරදී ගිය උපක්‍රමය” නමින් කෙටි කථාවක් ඉදිරිපත් කොට එයින් ද ප්‍රථම ස්ථානය ලබා ගත්තේය. මෙයින් පෙනි යන්නේ කුඩා කල පටන් ම එතුමා ලේඛන කාර්යෙහි දැක් වු සාමර්ථය යි.
ඉන් පසු වැඩිදුර අධ්‍යාපනය සඳහා ගම්‍පහ වික්‍රමශීලා පිරිවෙනේ නේවාසික ශිෂ්‍යයෙකු වශයෙන් ඇතුළත් කෙරුණි. එහි අධ්‍යාපනය හදාරනවාත් සමඟ ම පසළොස්වක පොහෝ දිනයන්වල බලගල්ලේ සරස්වතී පිරිවෙනට යෑම මෙතුමා තුළ තිබු යහපත් ක්‍රියාවකි. නමුත් වික්‍රමශීලා පිරිවෙනෙහි නේවාසිකව අධ්‍යාපනය හැදෑරීමට ඔහු ප්‍රිය කළේ එකල එහි අධ්‍යක්ෂක තනතුර දැරූ කොළඹ විද්‍යෝද පිරිවෙනෙ උපප්‍රධානාචර්ය ගරු කුකුල්නාපේ දේවරක්ඛිත හිමිපාණන්ගේ පණ්ඩිත්‍යයේ කීර්තිය නිසාවෙනි. පිරිවෙනේ අධ්‍යාපන හැදෑරු මෙතුමා සම්‍ප්‍රදාායික පන්සල් පොත් කියවීමට සමන්තරව ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතිකපත්‍ර ( එස්.එස්.සී.) විභාගයට ද සූදානම් විය. මෙතුමා කුකුල්නාපේ හිමිපාණන්ගේන් ම ප්‍රාචීණ භාෂා අධ්‍යයනය සම්‍පූර්ණ වීම සඳහා වංග භාෂාව ද හැදෑරුවේ ය.
බලගල්ලේ මහතාගේ අධ්‍යාපන ගමනේ තවත් හැරුම් ලකෂක් වූයේ 1945 වර්ෂයේ දී කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙණෙන් උසස් අධ්‍යාපනය අංශයට ඇතුළු වීම යි. පිරිවෙණෙහි එක් එක් පන්ති පරීක්ෂණවලින් උසස් ලෙස සමත් වී සිංහල, පාලි, සංස්කෘත, ප්‍රාකෘත යන භාෂා සාහිත්‍යය සහ ධර්මවිනය , තර්කන්‍යාය , ඉතිහාසය , පුරාවිද්‍යාව යන විෂයන් ඇතුළත් වු පිරිවෙන් අධ්‍යාපන 1949 වර්ෂයේ දී අවසන් කළේ ‘ ශ්‍යාමරාජ ‘ ත්‍යාගය ද හිමි කර ගෙන ය.
මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතාගේ සේවාවන්
මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතා අද්‍යතන ශ්‍රි ලංකේය භාෂා ශාස්ත්‍ර ක්ෂෙත්‍රයේ ජ්‍යෙෂ්ඨතම පඬිවරයා බව තත් ක්ෂේත්‍රීය විද්වතුන්ගේ අවිවාදාත්මක පිළිගැනීම වෙයි. 1958 වර්ෂයේ විද්‍යෝද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමත් සමඟ එහි සිංහල කථිකාචාර්යවරයකු ලෙස සේවයට බඳුණු විමල් ගුණසේකර බලගල්ලේ මහතා ඉතා කෙටි කාලයකින් සිංහල අධ්‍යයනාංශපති තනතුර පත් වී වසර 32ක් පමණ කාලක් එම අධ්‍යයන අංශයේ සේවය කළේ ය.
සිංහල භාෂාවේ ප්‍රභවය හා ප්‍රවර්ධනයත් ලෝක භාෂා අතර සිංහල ස්ථාපනය කිරීමේත් අරමුණින් ඔහු කළ විද්වත් සාකච්ඡාව සියවස් එකහමාරකට වඩා වැඩි කාලයක් තිස්සේ කෙරීගෙන ගිය අතර දේශීය හා විදේශිය විද්වතුන් රාශියකගේ අවධානය යොමු විය. එතුමා සිංහල භාෂාව සහ වාග්විද්‍යාව පිළිබඳ විවිධ පර්යේෂණ රැසක් සිදු කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් සිංහල භාෂාවේ සම්‍භවය සහ පරිණාමය , සිංහල භාෂාවේ ප්‍රභවය සහ ප්‍රවර්ධනය වැනි විශේෂ කෘති රැසක් පළ කර ඇත. මෙම සේවාවන් සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්‍මානය, යුනෙස්කෝ සම්‍මානය, රාජකීය ආසියාතික සංගමයේ ස්වර්ණ මුද්‍රිකාව මෙන්ම මෙරට හා විදේශිය විශ්වවිද්‍යාලවලින් ද සම්‍මාන හිමි කර ගනිමින් ශ්‍රී ලංකා ද්වීපයට කීර්තියක් අත් කර දීමට ඒ මහතා සමත් විය.
මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතා සිංහල ශබ්‍දකෝෂයේ ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කළ අතර මහා වංශ සම්‍පාදක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද සේවය කළේ ය. මෙතුමා 1961 – 1963 වසරවල ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් නුතන වාග් විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ද හැදෑරිය.
සිංහල භාෂාවේ සම්‍භවය සහ ප්‍රවර්ධනය පිළිබඳ ඉතිහාසය හෙළි කොට කැපී පෙනෙන සේවාවක් ඉටු කළ මහාචාර්ය විමාල් ජී. බලගල්ලේ මහතා, විල්හෙල්ම් ගයිගර් විසින් සිංහල භාෂාවේ ඉතිහාසය පිළිබඳ දැක්වූ යුග බෙදීම සංශෝධනය විය යුතු ආකාරය පිළිබඳ ද පෙන්වා දුන්නේය. මහාචාර්ය ගයිගර් විසින් රචිත The Linguistic Of Sinhaalese නම් වු ලේඛනය “සිංහල වාග් විද්‍යාත්මක ස්වරූපය” නමින් සිංහලයට පරිවර්තනය කළ බලගල්ලේ මහතා, සිංහල භාෂාවේ සම්‍භවය සහ පරිණාමය, (1992) යන නිබන්ධනය සම්‍පාදනය කරමින් සිංහල භාෂාවෙන් ඉතිහාසය හදාරන විද්‍යාර්ථින් වෙනුවෙන් අගනා සේවාවක් ඉටු කළේ ය.
සිංහල භාෂාවේ උන්නතිය මුල් කොට ගෙන මෙතරම් විශාල සේවයක් ඉටු කළ මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතා හට නිවන්පුර මඟ හෙළි වේවායි පතමු.
Writer By Ashmin
Supper👍