Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

Exclusive : සිලින්ඩරයේ පීඩනය වැඩි කළ බව ලිට්රෝ ගෑස් සමාගම පිළිගනී : මෙන්න සාක්ෂි

ප්‍රොපේන් සංයුතිය වැඩිකර වාෂ්පීකරණය ශක්තියත් ඉහළ දැමු හැටිත් හෙළිවෙයි

මේ වන විට ශ්‍රී ලංකාව පුරාම ප්‍රදේශ රැසකින් ගෑස් කාන්දු වීම් සහ පුපුරා යාමේ සිද්ධීන් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

අප දැන් සිදු කරන්නේ මීට අදාළ විශේෂ හෙළිදරව්වක්.

ගෑස් සමාගම් විසින් අත්තනෝමතික ලෙස සහ නීතිවිරෝධී අයුරින් ලීටර් 18ක ගෑස් සිලින්ඩරයක් හඳුන්වා දුන්නේ ප්‍රීමියම් හයිබ්‍රිඩ් නමින් එය නම් කරමින්.

එයද මහත් ආන්දෝලනයට තුඩු දුන් අතර පාරිභෝගිකයන්ගෙන් අසාධාරණ ලෙස මුදල් අයකර ගත් බවට චෝදනාවක් ද එල්ල වුණා.

ඔවුන් ඒ සඳහා නිසි අවසරයක් ලබාගෙන නොතිබීමද විශේෂත්වයක්.

කෙසේ වෙතත් මේ වන විට ගෑස් සිලින්ඩර වල සංයුතිය වෙනස් කිරීම පමණක් නොව ගෑස් සිලින්ඩර වල පීඩනය ද ඔවුන් විසින් වෙනස් කර ඇති බව සාක්ෂි සහිතව තහවුරු වී තිබෙනවා.

ඉහළ කාර්යක්ෂමතාවයක් ලබාදීම සඳහා බව පවසමින් අදාල ගෑස් සමාගම විසින් ගෑස් සිලින්ඩරයේ අඩංගු ප්‍රොපේන් සංයුතිය ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ප්‍රොපේන් වායුවේ පැවති 20% ක සංයුතිය 40% – 50% අතර අගයක් දක්වාත්, බියුටෙන් අගය 80% සිට 50% – 60% අතර අගයක් දක්වාත් වෙනස් කර ඇති බව පැහැදිලි වනවා.

මීට අමතරව තාපජනක අගය ඉහළ නැංවීමට කටයුතු කර ඇති බව අදාළ වාර්තාවේ සඳහන්.

ප්‍රොපේන් සංයුතිය ඉහළ දමා තිබෙන්නේ ගෑස් හොදින් වාෂ්ප වීම සඳහා බවද ලිට්‍රෝ ගෑස් සමාගම විසින් පාරිභෝගික ආරක්ෂක අධිකාරිය ලබාදුන් වාර්තාවේ සඳහන්.

About The Author