එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන් අද දවසේ දිවයිනේ ප්‍රදේශ රැසක පොස්ටර් සහ කටවුට් ප්‍රදර්ශනය කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් සහ පක්ෂ ක්‍රියාකාරීන් විසින්.
කෙසේ වෙතත් තම පක්ෂයේ නායකයා පාර්ලිමේන්තුව ගොස් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීම වෙනුවෙන් පාක්ෂිකයින් එසේ කටයුතු කරද්දී මෙරට ප්‍රධානතම මාධ්‍ය ආයතනයක් වන කැපිටල් මහරාජා සමාගමට අයත් Sirasa News first ද රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් දැවැන්ත කටවුට් කීපයක් කොළඹ නගරයේ ප්‍රදර්ශනය කර තිබුණා.
” I’m Back ” මම නැවත ආවා – ලෙස සඳහන් කරමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ විශාල ඡායාරූපයක් යොදාගනිමින් නිර්මාණය කර තිබූ එම කටවුට් කිහිපය පිළිබඳ මේ වන විට දේශපාලනය තුළ දැවැන්ත කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට