Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සියලු දෙනා වගකීමෙන් වැඩ කරමු ඇමති කෙහෙළිය මතක් කරයි – හෙට රට අරින හැටි නිවේදනය කෙරේ

සීමාවන් පැනවෙන විදිය, වැඩ කෙරෙන විදිය මෙන්න

සෞඛ්‍ය අංශ ඇතුළු බොහෝ ක්ෂේත්‍රයන්ගේ කැපවීම මත මේ වන විට යම්තාක් දුරට කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කරගැනීමට හැකි වූ බවත් එය තවදුරටත් පාලනය කරගැනීම සඳහා රට විවෘත කෙරෙන හෙට දවසේ සිට උපරිම ජනතා සහයෝගයක් සමස්ත ජනතාවගෙන්ම අපේක්ෂා කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස රකිමින් ජනතාව ලබා දෙන සහයෝගය අතිශය තීරණාත්මක වනු ඇති බවද පෙන්වාදුන් රඹුක්වැල්ල මහතා හෙට අලුයම සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරමින් යම් යම් සීමාවන් සහිතව රට විවෘත කිරීම සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පිළිබඳ අවධානය යොමු කරමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවයද සිහිපත් කරනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

“මේක කොවිඩ් වසංගතය සමග සමස්ත ලෝකයම ප්‍රශ්න හා ගැටළු වල පැටලී සිටින අවස්ථාවක්. රටක් හැටියට ගත යුතු තීරණ ගණනාවක් විද්‍යාත්මක පදනම් තුල සිටිමින් අපට ගැනීමට සිදු වුණා. එම තීන්දු සියල්ල මිහිරි තත්ත්වයේ ඒවාම නෙමෙයි. සමහර අවස්ථාවල අමිහිරි තත්ත්වයන්ටද අපට මුහුණ දීමට සිදුවෙනවා. ව්‍යාපාර, සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජිවිත මෙන්ම ආදායම් මාර්ග සම්බන්ධව අප සිතා බැලිය යුතුයි.

ආර්ථික වේගය ඉදිරියට ගෙන යාමට මෙන්ම ඒ හා බැඳුණු ප්‍රශ්න වලට අප රටක් ලෙසින් මුහුණ දිය යුතුයි. සෞඛ්‍ය උපදෙස් වලට උපරිම අවකාශයක් ලබා දෙමින් බොහෝ දුරට මෙය පාලනය කිරීමට පසුගිය වකවානුව තුළ විවිධ අවස්ථාවනහ්දී තීන්දු තීරණ රැසකට එළඹීමට අපට සිදු වුණා.

සමහර අයට කියන්න පුළුවන් හැකිනම් රට මුළුමනින්ම මාස තුනකට වසා දමන්න කියල. එහෙත් රටේ ආර්ථික, සමාජ වටපිටාව රජයක්සැ විදියට අප සැළකිල්ලලට ගත යුතුයි. මේ තුළ හොඳ- නරක, නින්දා -ප්‍රශංසා ගැරහුම් ආදී සියල්ල එල්ල වීම සාමාන්‍ය දෙයකි.නමුත් මොන දේ වුණත් මේ වෙලාවේ හැම කෙනෙක්ම වගකීමෙන් සහ ප්‍රවේශමෙන් කටයුතු කරමින් මේ අභියෝගයට සාර්ථකව මුහුණ දිය යුතුයි”

සෞඛ්‍ය මාර්ගෝපදේශ පහළින්

About The Author