Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සියල් සපිරි මෙසිරිලකට ගිය වසරේ කෝටි 8400ක එළවලු පළතුරු පිටරටින් ගෙන්නලා

මහබැංකු වාර්තාවකින්ම එළියට

පසුගිය වසරේ මුල් මාස 9 තුළ එළවලු සහ පළතුරු මෙරටට ගෙන්වීම වෙනුවෙන් ඩොලර් මිලියන 415.7ක්, එනම් රුපියල් කෝටි 8439ක් වැය කර ඇති බව මහ බැංකුවේ නවතම වාර්තාවක දක්වා තිබෙනවා.

රට තුළ බරපතළ ඩොලර් හිඟයක් මතුවී තිබෙන පසුබිමක දැඩි ආනයන සීමා පනවා තිබියදී එළවලු සහ පළතුරු ගෙන්වීම වෙනුවෙන් පමණක් මෙම විදේශ විනිමය වැය කර තිබීම විශේෂත්වයක්.

2020 වසරේ මුල් මාස 11 තුළ මේ වෙනුවෙන් ඩොලර් මිලියන 374.3ක් වැය කර තිබූ අතර පසුගිය වසරේදී එම වියදම තවත් ඉහල ගොස් තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ක්ෂණිකව ක්‍රියාත්මක කරන ලද රසායනික පොහොර තහනම නිසා මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විශාල බිඳ වැටීමක් සිදුවී රට තුළ ආහාර අර්බුදයක් පවා නිර්මාණය වී ඇති බව නොරහසක්බේ.

2020 වසරේදි රසායනික පොහොර ආනයනය සඳහා ඩොලර් මිලියන 259ක් වැය කර තිබූ අතර ගෙවී ගිය වසරේ මාස 11ක් තුළ එළවලු සහ පළතුරු ආනයනය කිරීම සඳහා පමණක් ඩොලර් මිලියන 415.7ක් වැය කර තිබීම තවත් විශේ්ෂත්වයක් වී තිබෙනවා.

වාර්තාව (පිටුව 13)

About The Author