“ප්‍රභාකරන්ගෙන් ජාතික ආරක්ෂාවට උපදෙස් ගන්නවා වගේ වැඩ කරන අධිකරණ ඇමති” කියා අලි සබ්රිට දෝස් මුරයකුත් දමයි
එක රටක් එක නීතියක් කියා බලයට පත් වූ ආණ්ඩුව වර්තමානයේ විහිළුවට ලක්ව ඇති බව සිංහල රාවය දේශපාලන පක්ෂයේ ප්රචාරක ලේකම් මධුභාෂ ප්‍රභාත් රණහංස මහතා පවසනවා.
අද මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු චෝදනා කළේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා උලමා සංවිධානවල උපදෙස් ලබා ගනිමින් නීති සම්පාදනයේ යෙදෙන බවයි.
මෙය වේලුපිල්ලේ ප්රභාකරන් ගෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමක් බඳු යැයි ද ඔහු චෝදනා කළා.
රට තුළ විවාහ නීති කිහිපයක් පවත්වාගෙන යාමට ඉඩ සලසා දෙමින් වත්මන් ආණ්ඩුව ද සමාජය තුළ බරපතළ අර්බුදයක් නිර්මාණය කර ඇති බව පවසන ඔහු යෝජනා කරන්නේ එක් ආගමකට හෝ ජාතියකට විශේෂ කොට සලකනවා නම් එම අයිතිවාසිකම් සෙසු ජාතීන්ට ද ලබාදිය යුතු බවයි.
ඒ අනුව මුස්ලිම් සමාජය තුළ ඇති බහු භාර්යා සේවනය සහ බාල වයස්කාර විවාහ සෙසු ජාතීන් ද ලබාදිය යුතු බවටයි ඔහු යෝජනා කරන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කිරීම රජයට කිසිදු ජන වරමක් නැති බවයි ඔහු පවසන්නේ.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි