දහවල් කෑම පැයෙත් විරෝධතාවයේ
ජාතික රූපවාහිනී සේවක මහත්ම මහත්මීන්ගේ මාසික වැටුප් ගෙවා ගැනීමට පාලන අධිකාරියට නොහැකි වීම හේතුවෙන් මේ වන විට රූපවාහිනී පරිශ්‍රය තුළ නොසන්සුන්තාවක් නිර්මාණය ව තිබෙනවා.
රූපවාහිනී සේවකයින් සඳහන් කරන්නේ පිට පිට එක දිගට තම වැටුප් ගෙවීම ප්‍රමාද කර ඇති බවයි.
ඔවුන් පෙන්වා දෙන්නේ සෑම මසකම 25 වෙනිදා තම වැටුප් ලබා දීම සිදු කළ යුතු වුවත් මේ වන විට එයද සිදු නොවන බවයි.
මීට විරෝධය පළ කරමින් ඊයේ දිනයේ රූපවාහිනි සංස්ථා සේවකයින් රූපයි සංස්ථාවේ සභාපති වරයාගේ කාමරය වටලනු ලැබුවා.
කෙසේවෙතත් විරෝධතාකරුවන්ට ප්‍රතිචාර දක්වමින් සංස්කාරය සභාපති ධුරයේ මහතා සඳහන් කර තිබෙන්නේ වැටුප් ගෙවීම සඳහා මුදල් ප්‍රශ්නයක් ඇති බවයි.
නමුත් සංස්ථා සේවකයින් පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සංස්ථාවේ ඉහළ තනතුරු රැසක දේශපාලන බලපෑම් මත නුසුදුස්සන් පත්කිරීම හේතුවෙන් සමස්ත යාන්ත්‍රණයම බිඳවැටීමට හේතුවී ඇති බවයි.
කොරෝනා තත්ත්වය ඉදිරියට ගෙන එමින් මෙම අර්බුදය සාධාරණීයකරණය කිරීමට පාලනාධිකාරියේ උත්සාහ දැරුවද මෙම සැබෑ තත්ත්වය රූපවාහිනී සංස්ථා සේවකයින් අවබෝධ කරගෙන ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.
අද දිනයේ ද දවල් කෑම පැය මීට එරෙහි විරෝධතාවක් වෙනුවෙන් වෙන් කර තිබෙනවා.
මෙහි ඇති විශේෂත්වය වන්නේ දේශපාලන භේදයකින් තොරව රූපවාහිනී සේවක සේවිකාවන් බොහෝදෙනෙකු අදාල විරෝධතාව සඳහා එක්ව සිටීමයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි