එක් කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෝඩ් ලෑල්ල පමණක් රැඟෙන එය රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙපා මුල තැබීමට උත්සහ කළ ද සැබෑ ලෙසම මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ සහය සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
අප සිදුකළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් සහ තමන් සමග එක්ව දේශපාලනයේ නිරතවන පිරිස් සමඟ සාකච්ඡා කර මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබෙනවා.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස පිළිගනිමින් ඔහුට සහය ලබා දෙන සියලු කණ්ඩායම් එළඹෙන 08 වෙනිදා සමගි ජන සන්ධානය සඳහා නිල වශයෙන් එක්වනු ඇති බව ද අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට තිබෙනවා.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්