Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සැප්තැම්බර් මස 30 වන විට වයස අවුරුදු 18 වැඩි සියලුදෙනා එන්නත්කරණයට රජය සැරසෙයි

එන්නත් ලැබෙන්නේ මෙහෙමයි

සැප්තැම්බර් මස 30 වනදා වන විට වයස අවුරුදු 18ට වැඩි සියලු පුරවැසියන් එන්නත් කරනයට ලක් කිරීම සඳහා රජය සැලසුම් සකස් කර තිබෙනවා.

සඳහා අවශ්‍ය එන්නත් තොග මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව වාර්තා වුණා.

ඒ අනුව එන්නත් මාත්‍රා මිලියන 23ක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඊට අදාළ කැබිනට් තීරණය පහලින්..

එන්නත් මිල දී ගැනීම –

කොවිඩ් – 19 වසංගත තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කිරීම සඳහා මූලිකව මිලියන 14ක ජනගහනයක් සඳහා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලද අතර 2021 අගෝස්තු මස 09 දින වන විට එන්නත් මාත්‍රා මිලියන 19.49ක් මෙරටට ලැබී තිබේ.

එම එන්නත් තොගයෙන් මාත්‍රා මිලියන 11.26ක් පළමු මාත්‍රාව වශයෙන් ද මාත්‍රා මිලියන 3.25ක් දෙවන මාත්‍රාව වශයෙන් ද භාවිත කර ඇත.

කොවිඩ් – 19 වසංගතයේ බලපෑම අවම කිරීමේ අරමුණින් වයස අවුරුදු 18ට වැඩි සියලුම පුද්ගලයින් සඳහා 2021 සැප්තැම්බර් මස 30 දින වන විට එන්නත් ලබා දීමට තීරණය කර ඇත.

ඒ අනුව, ඒ සඳහා වන එන්නත් අවශ්‍යතාව වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් සාකච්ඡා කොට තීරණය කළ ඒකක මිල යටතේ Sinopharm එන්නත් මාත්‍රා මිලියන 09ක් සහ Pfizer එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

About The Author