Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“සැප්තැම්බරයේ ලංකාවේ 21 000ක් මිය යාවි” උද්දච්ඡ ලෙස වගකිව යුත්තන් අහක බලද්දී විද්වතුන් කල් තියා කියූ ඇඟ හිරිවැටෙන අනාවැකිය සැබෑවක් වේවිද ?

කොරෝනා අසාදනය වීමෙන් සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාව තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 21 000 දක්වා ඉහල යනු ඇති බවට අනාවැකි පල වුණා.

ඒ අද ඊයේ නොවේ.

කොරෝනා රෝග ව්‍යාප්තිය සමග ලොව පුරා විවිධ විශ්වවිද්‍යාල මෙන්ම ඊට අනුබද්ධ සංවිධාන රැසක් ම සිය පරීක්ෂණ සහ සමීක්ෂණ සිදු කරන්නේ කොරෝනා ව්‍යසනයෙන් ජනතාව බේරා ගැනීම සඳහායි.

එමෙන්ම අවදානම හදුනාගනිමින් කල්තියා සුදානම් වීම සඳහායි.

එවැනි සමීක්ෂණ සිදු කරන අමෙරිකාවේ වොෂින්ටන් සරසවියට අනුබද්ධ, සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් පිළිබඳ ආයතනය (Institute for Health Metrics and Evaluation) විසින් ලෝක මට්ටමේ කොරෝනා පිළිබඳ නවතම සමීක්ෂණයක් සිදු කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් මාසයේදීයි.

ඒ අනුව ඉකුත් මැයි මාසයේදී ඔවුන් සිය සමීක්ෂණයේ නිගමන අනුව ඉදිරි කාලසීමාව පිළිබඳ පුරෝකථනයන් ඉදිරිපත් කරනු ලැබුවා.

එම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ තත්වය ඔවුන් වාර්තා කළේ මෙලෙසින්..

සමීක්ෂණයට අදාලව නිකුත් වී ඇති ප්‍රතිඵලයන්ට අනුව බරපතලම අනාවැකිය වන්නේ 2021 සැප්තැම්බර් 01 වනදා වන විට කොරෝනා හේතුවෙන් මෙරට සිදුවන මරණ සංඛ්‍යාව 21 000 කට ආසන්න වෙතැයි දක්වා තිබීමයි.

ඔවුන් එම පුරෝකථනයන් සිදු කර ඇත්තේ ඒ වන විට ශ්‍රී ලංකාව තුළ පැවති තත්වයන් සහ තොරතුරු පාදක කර ගනිමින්.

ඔවුන් සතුව ඇති තොරතුරු වලට අනුව ඒ වන විට ශ්‍රී ලංකාවේ රෝහල් වල කොරෝනා රෝගීන් සඳහා වෙන් කර ඇති දැඩි සත්කාර ඇඳන් (ICU Beds) සංඛ්‍යාව 295 ක් පමණයි.

එමෙන්ම රෝහල් පද්ධතියේ ඇති ඇඳන් සංඛ්‍යාව 20 769 ක් ලෙසද ඔවුන් ඒ වන විට සොයා ගෙන තිබුණා.

මෙම පහසුකම් ගෙවීගිය මාස තුනක කාල සීමාව තුළ වර්ධනය කිරීමට රජයට හැකි වුවාද යන්න ප්‍රශ්නාර්ථයක්.

This image has an empty alt attribute; its file name is hospital-1024x341.jpg

ඔවුන් එදා පුරෝකථනය කළේ ජුනි මස 09 වෙනිදා වන විට, දැඩි සත්කාර ඒකක ඇඳන් 3 353 ක අවශ්‍යතාවයක් මතු විය හැකි බවයි.

එම අනාවැකිය යථාර්ථයක් වන වට පිටාවක් නිර්මාණය වූ බව අප‍ට පැහැදිලි වුණා.

මෙවැනි ආකාරයේ අනාවැකි සහ දත්ත රැසක්ම අදාල වෙබ් අඩවිය ඔස්සේ වාර්තා කර ඇති අතර ලොව පුර බොහෝ රටවල තොරතුරුද එයට ඇතුලත්.

අදාල වෙබ් අඩවියට පිවිසෙන්න..

ශ්‍රී ලංකාව ගැන තොරතුරු මෙතනින්..

© healthdata.org වෙබ් අඩවිය ඇසුරින්

අප මේ පිළිබඳ වෙබ් අඩවියක් ලෙස පසුගිය මැයි මස 09 වෙනිදා මුල් වරට අනාවරණය කරනු ලැබුවා.

ඉන් පසුව සමාජය තුළ මේ පිළිබඳව විශාල කතා බහක්ද නිර්මාණය වුණා.

මේ තත්වය මත නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාද මැදිහත් වී ඇඳන් 10 000 ක් නිර්මාණය කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කළා.

අද අගෝස්තු මස 10 වෙනිදා රජය පවසන දත්ත වාර්තා අනුව මෙරට සිදුව ඇති සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 5000 සේ සීමාවද ඉක්මවා අවසන්.

ඒ කොරෝනා හේතුවෙන් නිවෙස් වල සිදුවන මරණ කොරෝනා මරණ ලෙස නොගන්නා ලෙස නිලධාරීන්ට බලපෑම් කෙරී ඇති සහ රජය වාර්තා කරන නිල සංඛ්‍යා ලේඛණ පිළිබඳ සෞඛ්‍ය වෘත්තිකයන් අතරම දැඩි අවිශ්වාසයක් නිර්මාණය වී ඇති පසුබිමක් තුළයි.

තත්වය මෙය නම් සැප්තැම්බර් මාසය වන විට කුමකින් කුමක් සිදුවෙයිද?

මෙම සමීක්ෂණ වාර්තා මගින් සිදු කළ පුරෝකථන යථාර්ථයක් බවට පත් වේවිද?

අදාළ වගකිව යුත්තන් උද්දච්ඡ ලෙසින් මෙම අනාවැකි බැහැර කළා යන චෝදනාවට ඔවුන් නිරාවරණය වේවිද?

මේ සියල්ල ඉදිරි මාසය තීරණාත්මක ලෙස විසඳනු ඇත.

About The Author