බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර, ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පසුගිය මාර්තු මාසයේදී අතටම කරනු ලැබුවේ පාස්කු ප්‍රහාරය ද ඔහු සම්බන්ධ බවට පැහැදිලි තොරතුරු ඇතැයි පවසමින්.
භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් අවස්ථා කිහිපයකදී මේ පිළිබඳව තොරතුරු තහවුරු කළා අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ අසාත් සාලි මහතා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා අත්අඩංගුවට ගත් බවයි.
එලෙස අත්අඩංගුවට ගත් අසාත් සාලි මහතා රඳවා තැබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ.
කෙසේ වෙතත් තමන් රඳවා ගැනීම නීති විරෝධී බව පවසමින් අසාත් සාලි මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවා.
මෙම පෙත්සම විභාගයට ගැනීම අද සිදු වූ අතර එහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ පසුගිය මාර්තු මස 09 වෙනිදා ෂරියා නීතිය සම්බන්ධ කර ගනිමින් අසාත් සාලි මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පැවසූ කරුණක් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුට එරෙහිව අධි චෝදනා ගොනු කර ඇති බවයි.
ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රධානම හේතුව ලෙස සඳහන් කළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අසාත් සාලි මහතාට එරෙහිව මේ දක්වා කිසිදු නඩුවක් ගොනු කර නොමැති වීම විශේෂත්වයක්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට