Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සාපරාධි අපරාධ සහ මනුෂ්‍ය ඝාතන රැසක් යට ගැසීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවක් ගැන ඉරාන් හෙළි කරයි

දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද කොමිසම් සභවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ කොමිසම් සභා වාර්තාව එළඹෙන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දෙදින තුළ පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී එකගත්වයකට පැමිණි බව පාර්ලිමේන්තු මාධ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසන්නේ නිදහසින් පසු මෙරට පාර්ලිමේන්තුව තුළ විවාදයට ගන්නා

මේ හරහා වසීම් තජුඩීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය, වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ඝාතන සිදුවීම, මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිදුවීම, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම ඇතුළු නඩු රැසක් විභාග කිරීමකින් තොරව ඉවත් කිරීමට අදාළ යෝජනාවක් ද මෙහි ඇතුලත් බවයි ඉරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දෙන්නේ.

මෙය සෘජුවම අධිකරණයේ ස්වාධීනත්වයට අත පෙවීමක් බවත් නිදහසින් පසු පාර්ලිමේන්තුව තුළ කෙදිනක දී වත් මෙවන් යෝජනාවක් ඉදිරිපත් නොවූ බවයි ඔහු අවධාරණය කරන්නේ.

About The Author