ඇමති ඩලස් මාතරට චාන්ස් එකක් දෙයි
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත්කරනු ලැබ තිබෙනවා.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතින් ඔහු අද (3) සිය පත්වීම් ලිපිය ලබාගත්තා.
අද සිටම ක්‍රියාත්මක වන පරිදි ඔහු අදාළ තනතුර සඳහා පත් කර ඇති අතර ඔහු ලක්හඬ ගුවන් විදුලියේ සහන නිවේදයකු ලෙසත් පසුව ස්වාධීන රූපවාහිනි මෙන් නිවේදකයෙකු සහ නිෂ්පාදකවරයෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා.
නිරෝෂන් ප්‍රේමරත්න මහතා මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කර තිබෙනවා.
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළේ ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයකු වන සුදත් රෝහණ මහතාය.
නිරෝෂන් ප්‍රේමරත්න මහතාගේ පත් කිරීම සම්බන්ධයෙන් විවිධ අදහස් හා මතවාද නිර්මාණය වී ඇති අතර ස්වාධීන රූපවාහිනියේ බහුතර සේවක පිරිසක් සඳහන් කරන්නේ ඔහුට ආයතනය පිළිබඳව මනා අවබෝධයක් ඇති බැවින් ඔහු යම් සාධක වෙනස් කමක් ඇති කරනු ඇති බවයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි