එක රටක් එක නීතියක් ඇති කිරීමත් මේ වසර තුළ ඉටු කරන බවත් පවසයි
තමන් පොරොන්දුවූ පරිදිම නව ව්‍යවස්ථාවක් ලබන වසර තුළ ඉදිරිපත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ 72 වන සංවත්සර සැමරුම් උත්සවයට සහභාගි වෙමින්.
අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී මෙම උත්සවය සංවිධානය කර තිබුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ගජබා රෙජිමේන්තුවේ සේවය කළ රණවිරුවෙකු වන අතර සේවයෙන් ඉවත් වන විට ලුතිනන් කර්නල් නිලයේ රාජකාරි කරමින් සිටියා.
උත්සව සභාව අමතමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අවධාරණය කළේ තමා ජනතාවට පොරොන්දු වූ එක රටක් එක නීතියක් ඇති කිරීම මේ වසර තුළ සිදුකරන බවයි.
අදාළ සැමරුම් උත්සවයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කළ කථාවේ සාරාංශය සහ උත්සවය පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහලින්.
“නිදහසට කරුණු කියන්නේ නැහැ. එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව, නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්න” යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලා සිටී.
කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකය පහළ බැසීමට ලක් විණ. එහෙත් අදාළ කාලසීමාව තුළදී විශාල වැඩ කොටසක් ජනතාව වෙනුවෙන් සිදු කර ඇත.ලෝකයේ හමුදාවන්, යුද්ධයට පමණක් නො ව ජාතිය ගොඩනැඟීමටත් කැප වී සිටිති.
අපේ ත්‍රිවිධ හමුදාව නිරෝධායනයේදී සහ එන්නත්කරණයේදී සෞඛ්‍ය අංශවලට සහාය වෙමින් කොවිඩ් පාලනයට එක් විය. ඒ සඳහා කළ කැපකිරීමට සියලු දෙනාට තම ස්තූතිය පළ කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
අද (10) දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති සම්මාන පෙළපාලිය පිළිගනිමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 1949 අංක 17 දරණ යුද්ධ හමුදා පනතට අනුව ස්ථාපිත කෙරිණි. රටේ ආරක්ෂාව උදෙසා විශාල කාර්යභාරයක් ඉටුකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පාබල, ආධාරක සහ සේවා රෙජිමේන්තු 25කින් සමන්විත වේ.
සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත් ව සංවිධාන කෙරුණු යුද හමුදා සැමරුම් උළෙලට පැමිණි ජනාධිපතිතුමා සාලියපුර ගජබා රෙජිමේන්තු කඳවුරේ අභිනවයෙන් ඉදි කෙරුණු සරඹ භූමිය විවෘත කර රණවිරු අයිතියට පත් කළේය.
අනතුරුව ජනාධිපතිතුමා උත්තමාචාර පෙළපාලිය නිරීක්ෂණය කළේය.ත්‍රිවිධ හමුදාවේ සහ බුද්ධි අංශවල මානසිකත්වය ඉහළ නංවාලමින්, රාජකාරී බලතල නිසි අයුරින් පවරමින් පසුගිය දෙවසර තුළ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දී කටයුතු කෙරිණ.
නැවතත් ත්රස්තවාදයක් හෝ ආගමික අන්තවාදී ක්‍රියාවන් ඇති නො වන ආකාරයෙන් රට ආරක්ෂා කර ගැනීමට කැපවී සිටින බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
ජනතාවට පොරොන්දු වූ ආකාරයට නව ව්‍යවස්ථා සංශෝධනයක් සහ නව ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා පැවසීය.දූෂණයට, වංචාවට ඉඩ නො තබන අතර ඒ සඳහා කැපවෙමින් සියලුම නිලධාරීන් ජනතාව වෙනුවෙන් වැඩ කළ යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
සැමරුම් උළෙල ඇමතීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ ඇති මේජර් ජෙනරාල් විජය විමලරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වූ ජනාධිපතිතුමා රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක නිරත විය.ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නව පරිපාලන ගොඩනැඟිල්ල හා ක්‍රීඩාංගණය විවෘත කිරීම, ක්‍රීඩාගාරය සඳහා මුල්ගල තැබීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.
කනිෂ්ඨ හා බල ලත් නිලධාරීන්ගේ නිවස්නයන් සහ ගජබා රෙජිමේන්තුවේ ඉංජිනේරු බලකාය විසින් අලුත්වැඩියා කර, ධාවනයට එක් කළ හමුදා රථ ජනාධිපතිතුමා නිරීක්ෂණය කරනු ලැබී ය.ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සිදු කළ සංචාරය සනිටුහන් කරමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිරිනැමීය.
ආරාධිතයන් සඳහා වූ සමරු සටහන් පොතෙහි අත්සන් තැබූ ජනාධිපතිතුමා ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සිදු කළ සංචාරය සනිටුහන් කරමින් පැළයක් රෝපණය කළේය.
ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද හමුදා ප්‍රධානීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි