ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යන තියෙයි සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් පැවති කතාබහ මේ වන විට බිඳ වැටී ඇති බව වාර්තාවනවා.
මීට පෙර ඒ සඳහා යම් ආකාරයක එකඟතාවයක් පැවතියද හමුදාව යොදවා පසුගියද අරගලකරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් සමගි ජන බලවේගයේ ඇතුළු පක්ෂ කිහිපයක් සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.
නමුත් ඉදිරි දින කිහිපය තුළ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ද සම්බන්ධ කරගනිමින් ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර ඇති බව වාර්තාවනවා.
ඒ අනුව සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩුවට එක් වීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා.
මේ අතර බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාද නව අමාත්‍ය මණ්ඩලයක් පත් කරගැනීමේ අවස්ථාවේදී ඔහු දැනට දරන අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සුදානමින් සිටින බවද වනවා.
ඔහුගේ අමාත්‍ය ධුරය විපක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවට එක්වන මන්ත්‍රීවරයෙකුට ලබා දීමට සැලසුම් කර ඇති බවයි වාර්තාවන්නේ.
මේ වන විට විපක්ෂය තුළ ස්වාධීනව කටයුතු කරන පාඨලී චම්පික රණවක මහතාද ආණ්ඩු පක්ෂයට එක්වනු ඇති බවට අභ්‍යන්තර තොරතුරු වාර්තාවන නමුත් මන්ත්‍රීවරයා එම කරුණු ප්‍රතික්ෂේප කිරීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළ විපක්ෂ නියෝජනයක්ද සහිතව 30 දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පිහිටු වීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම රාජ්‍ය අමාත්‍ය වරුන් පිරිසක්ද මීට සමගාමීව දිව්රුම් දීමට බොහෝ දුරට ඉඩ කඩ ඇති බවයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වන්නේ.
පවතින තත්ත්වය මත පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවට මතයක් පැවතියද නියමිත කාලය අවසන් වීමට පෙර පාර්ලිමේන්තු විසුරුවා හැරීමක් සිදු නොකරන බවට තීරණයක් ජනාධිපතිවරයා විසින් ගෙන ඇති බවද වර්තාවනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට