අතීත වෛද්‍ය විද්‍යාවේ දී භාවිත වූ ක්‍රමවලින් සමහරක් අතිශයින් ප්‍රයෝජනවත් විය. එහෙත් ඇතැම් ක්‍රම ජුගුප්සාජනක මෙන් ම අනතුරුදායක ඒවා ද වූ බව පෙනී යයි. මේ, එවැනි ක්‍රම කිහිපයකි.
1.මෙසපොතේමියානු යුගයේ දී මනුෂ්‍යයන්ගේ ශරීරයේ අභ්‍යන්තර රෝග හඳුනා ගැනීම සඳහා එක්ස්-කිරණ යන්ත්‍ර නොතිබිණි. එබැවින් ඔවුන් ඒ වෙනුවෙන් භාවිත කර තිබුණේ මියගිය බැටළුවන්ගේ අක්මාව ය.
මෙය ඉතා විකාරරූපී විශ්වාසයක් විය. මෙසපොතේමියානුවන්ට අනුව බැටළුවෙකුගේ රුධිර රටාව හා අභ්‍යන්තර අවයව සියල්ල මිනිසුන්ට සමාන ය. එබැවින් ඔවුන් කර තිබුණේ අසනීපයෙන් පෙළුණු රෝගියා අතින් පූජා කෙරෙන බැටළුවෙකුගේ බඩ පලා, එහි අක්මාව ඉවතට ගෙන, එහි ස්වභාවය අනුව අදාළ රෝගය විනිශ්චය කිරීමයි.
2.කතා කිරීමේ අපහසුව ඇත්තෙකුගේ දිව කපා දැමුවහොත් කුමක් සිදු වේ ද? වඩා දුර අතීතයේ නොව දහ අටවන සියවසේ දී පමණ කතා කිරීමට අපහසු, ගොත ගසන පුද්ගලයින්ගේ ගොතය නැවැත්වීමට කරනු ලැබූ එක ම ප්‍රතිකාරය වූයේ දිව කපා දැමීමයි.
එහිදී ඉවත් කෙරුණේ දිවේ ඉදිරි කොටසින් හතරෙන් එකක පමණ ප්‍රමාණයකි. මෙම ප්‍රතිකාරය අඩු වැඩි වශයෙන් දැනුදු සිදු කෙරෙයි. මේ වන විට සුළු සැත්කමකින් හෝ දිවෙහි යටි කොටස සම්බන්ධ වන සම් කැබැල්ල කැපීමෙන් හෝ ගොතය නවතාලිය හැකි ය. එහෙත් එකල ආරක්ෂාකාරී විච්ඡේදන ක්‍රම නොතිබුණු බැවින් බොහෝ රෝගීන් විෂබීජ ඇතුළු වීමෙන් හා අධික රුධිර වහනය හේතුවෙන් මිය ගොස් තිබේ.
3.ක්ලස්ටර් හෙවත් එනැමා යනුවෙන් හැඳින්වෙන, ඖෂධ ඇතුළත් පුනීලයක් ගුද මාර්ගයට ඇතුළු කිරීම තුළින් මළ බද්ධය සුව කිරීමට දහ හත්වන ශතවර්ශයේ විසූ පුද්ගලයින් උත්සාහ ගෙන තිබේ. එකල මෙය ධනවතුන් අතර ජනප්‍රිය රැල්ලක් විය.
අදාළ පුනීලයක් වැනි කොටස ගුද මාර්ගයට ඇතුළු කොට, ඒ හරහා උනුසුම් ජලයට මිශ්‍රකරන ලද ලුණු,බේකින් සෝඩා හෝ සබන් ද්‍රාවණයක් යවනු ලැබේ. ඒවා බඩවැල් උත්තේජනය කොට මළ බද්ධය දුරු කරයි. දහහතර වන ලුවී රජතුමා ඔහුගේ ජීවිත කාලය තුළ දී වරින් වර සුවඳ කවන ලද එනැමා දෙදහසක් පමණ ඇතුළු කර ගෙන තිබේ.
4.ස්ත්‍රී දූෂකයින්ට දිය හැකි උපරිම දඬුවම කුමක් ද? ස්ත්‍රියට එයින් ඇති වන තුවාල සුව කරන්නේ කෙසේ ද? දහ හත්වන සියවසෙහි විසූ ශ්‍රීමත් කෙනෙල්ම් ඩිග්බි සතුව ඒ සඳහා අපූරු උපක්‍රමයක් තිබිණි.
බිම් පණුවන්, ඌරු මොළය, ක්ෂීරපායීයෙකුගේ මළකඳක් සහ මළකඩ එකතු කොට ගෙන සාදා ගත් කුඩු වර්ගයක් තුවාලයෙහි ගැල්වීමෙන් අදාළ යටි කය ප්‍රදේශයෙ ඇති වූ තුවාල ඉක්මනින් සුව වන බව විශ්වාස කෙරිණි.
එහි අපූර්වය වූයේ අදාළ කුඩු වර්ගය තුවාලයෙහි පමණක් නොව දූෂකයාගේ ලිංගේන්ද්‍රයේ ද ආලේප කිරීම යි. එහිදී ඩිග්බි විශ්වාස කළේ දූෂකයාට දඬුවම් දීම තුළින් ස්ත්‍රියගේ වේදනාව සුව වීමට උත්තේජයක් ලැබෙන බවයි.
5.කෙතරම් විෂ සහිත වුවත් ආසනික් ද පැරැණි වෛද්‍ය ක්‍රම සඳහා භාවිත කොට තිබේ. විශේෂයෙන් ම චීන වෛද්‍ය ක්‍රමවල දී “පයි ෂුවාං” ලෙස හැඳන්වෙන මෙම ආසනික් මූලද්‍රව්‍යය උපයෝගී කර ගනිමින් මැලේරියාව හා සිෆිලිස් වැනි සමාජ රෝග සුව කර ඇත.
එසේ ම ආතරයිටිස් හා දියවැඩියාව වැනි රෝග සඳහා ඖෂධ සෑදීමේ දී මෙම මූලද්‍රව්‍ය යොදාගෙන තිබේ. තව ද වික්ටෝරියානු යුගයේ විසූ කාන්තාවන් සිය රූපලාවණ්‍ය සත්කාර සඳහා ආසනික් භාවිත කොට ඇති බවට සාක්ෂි තිබේ.
6.වසර 1900 දී පමණ විසූ ජෝන් බ්‍රින්ක්ලි නමැති පුද්ගලයා එළුවන්ගේ වෘෂණ කෝෂ මඟින් වඳ භාවය හා ලිංගික ගැටලු සුව කළ හැකි බවට මතයක් ප්‍රකාශ කළේ ය. ඔහු තමා වෙත පැමිණෙන රෝගීන්ගේ වෘෂණ කෝෂවලට එළුවන්ගේ කෝෂ එන්නත් කොට ප්‍රතිකාර කළේ ය.
එහෙත් මෙහි කිසිදු විද්‍යාත්මක පදනමක් නොතිබිණි. එසේ ම එම භයානක ක්‍රමය මඟින් හොඳින් වැඩුණු, එහෙත් තමා රෝගී යැයි සිතූ පුරුෂයින් විශාල ප්‍රමාණයක් ද මිය ගිය බව පෙනේ.
ශ්‍රීනි ලංකා ජයකොඩි.
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්