යහපාලන ආණ්ඩුවෙන් අත්අඩංගුවට ගෙන සිටි සහරාන් සමග වැඩ කළ දෙදෙනෙක් වත්මන් ආණ්ඩුව පැමිණ නිදොස් කොට නිදහස් කර ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.
එයින් එක් පුද්ගලයෙක් සහරාන්ගේ උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇති බවයි හෙළිවන්නේ.
මොවුන්ට විරුද්ධව වසරක් තිස්සේ කිසිම බී වාර්තාවක් ඉදිරිපත් නොකර සිට පසුව ඔවුන් නිදහස් කරන ලෙස හිටපු නීතිපතිවරයා විසින් අධිකරණයෙන් ඉල්ලා සිටි බවද ඒ අනුව ඔවුන් නිදොස් කොට නිදහස් කෙරුණු බව ද රහුමාන් මහතා සඳහන් මෙහිදී හෙළිකළා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව යටතේ සාධාරණ පරීක්ෂණයක් සිදු නොවුනහොත් සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ සියලු කරුණු හෙළිදරව් කරගන්නා බව ද මුජුබුර් රහුමාන් මහතා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළා.
අත නොහැර කියවන තැන
ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ – අනුරගේ එක කෝමද ඒකට අපේ ලොක්කගේ එක ඇහුන ගමන් ඩෝපර්ලා නටනවා – සජබ අවුල දිගටම පුපුරයි
සජිත්ගේ වේදිකාව ළඟ ඇවිලෙයි – එක හරක් පැටියෙක් අරන් ගොම දාගන්න එපා කියා රෝහිණී සැර වෙයි
1999 ජවිපේ ජනාධිපති අපේක්ෂක මාධ්‍ය හමුවක – ප්‍රේමකීර්ති ඝාතනයත් ජවිපේ ගිණුමට එක්කරයි – රටට වූ හානියට වරද පිළිගනී