Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සර්ව පාක්ෂික සමුළුවට ගිය රනිල්ට දේශපාලන ටොකු දෙන්නට ගිය අයට රනිල්ගෙන් දේශපාලන ගුටි පූජාවක් : හිත රිදුනනම් සමාවෙන්න ජනපති රනිල්ගෙන් සමාව ඉල්ලයි

වාර්තාව මට එපා එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න : නැත්නම් එතනත් ඩීල් දැම්ම කියයි රනිල් බැසිල්ට කියයි

මට වඩා ඔයා දන්නවනේ කියා බැසිල් අහද්දී රනිල් දන්නා තරම පෙන්වයි

පසුගිය ආණ්ඩුවට වරද පැටවීමට ගිය මහබැංකු අධිපතිටත් සැර පිළිතුරක් : එහෙනම් විජය ලංකාවට ආපු තැනටම යමු යැයි රනිල් කියද්දී සභාවේ සිනා පැතිරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද කැඳවා තිබූ සර්වපාක්ෂික සමුළුවේදී හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කලාපය මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.

සමුළුව ආරම්භයේදීම තත්ත්වය පැහැදිලි කරමින් කතා කළ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වර්තමානයේ ඇතිවී තිබෙන ගැටළුවට හේතුවට යහපාලන ආණ්ඩුව බව පවසමින් අදහස් දැක්වීමක් සිදුකළා.

එම කතාව අවසන් වූ වහාම හිටපු ‍ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ යහපාලන රජය සමයේ ජනතාවට සහන ලබාදෙමින් බඩු මිල අඩු කරමින් රට ගෙන ගිය බවයි.

පවතින තත්වය තේරුම් ගෙන ඊට එක්ව විසඳුම් සොයන වෙනුවට එකිනෙකා කෙරෙහි චෝදනා කර ගැනීමට නම් මෙම සර්ව පාක්ෂික සමුළුවෙන් ප්‍රයෝජනයක් නොමැති බවත් සඳහන් කළ වික්‍රමසිංහ මහතා එසේනම් තර්ක විතර්ක මතුකරමින් විජය රජු මෙරටට පැමිණි දිනය දක්වාම ගොස් විජය රජු ලංකාවට පැමිණියේ ඇයි දැයි යන්න ප්‍රශ්න කොට ඔහු නොපැමිණි යා නම් මෙවැනි කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන බව තීරණය කොට සාකච්ඡාව නතර කර ඇති බව ද සඳහන් කළා.

එවිට සභාවේ පැතිර ගියේ සිනහවක්.

පසුව ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සමාව භාජනය කළේ වසර හැත්තෑ දෙකක් මෙරට පාලනය කළ සියලු දෙනා එම වගකීම ගත යුතු බව පවසමින්.

මුදල් ඇමති බැසිල් සමඟ IMF වාර්තාව සම්බන්ධයෙන් ද හිටපු අගමැති සමඟ දැඩි තර්කයක

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟතාවයන් ඇති කර ගැනීමට අදාළව ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ලබා දෙන බවට පොරොන්දු වූ වාර්තාව මෙතෙක් ලබා දීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් බැසිල් රජ පක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර මෙහිදී උණුසුම් කතා බහක් නිර්මාණය වුණා.

බැසිල් රාජපක්ෂ මහතා අවසානයේ අදාළ වාර්තාවේ කෙටුම් පත මේ වන විට තමන්ට ලැබී ඇති බව පිළිගත්තේ වික්‍රමසිංහ මහතාගේ තර්ක කිරීම් මධ්‍යයේයි.

About The Author