රට වෙනුවෙන් සැලසුමක් නෑ : කුළල් කකා රටම විනාශයට ගෙන යනවා
දුර්වල විපක්ෂය ද පවතින අර්බුධයට සම්පුර්ණයෙන් වගකිවයුතු බව සර්වපාක්ෂික අරගලකරුවෝ පවසනවා.
රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්වීමේ වගකීමද විපක්ෂය විසින් භාරගත යුතු බව ඔවුන් පෙන්වා දෙනවා.
රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් තරුණ තරුණියන් අරලය අරඹන අවස්ථාවේ විපක්ෂයේ පක්ෂ තේ බොමින් බිස්කට් කමින් පක්ෂ කාර්යාලවල රුදී සිටි බවට චෝදනා කරන සර්වපාක්ෂික අරගලකරුවන් පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජක්ෂ පන්නා දැමීමෙන් පසු ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා පොදු සම්මුතියකට පැමිණිමට විපක්ෂයට මේ දක්වා නොහැකිවී ඇති බවයි.
එසේ උවද අරගලකරුවන්ලවා තම දේශපාලන අරමුණු ඉටුකරගැනීමට විපක්ෂයේ පක්ෂ උත්සහ කරන බවත් එසේ කිරීමට නොපැමිණෙන ලෙසඳ ඔවුන් විපක්ෂයට අවධාරණය කලා.
බළලුන් ලවා කොස්ඇට බෑමෙන් වළකින ලෙසත් අරගලකරුවන් බළලුන්වීමට සුදානම් නොවන බවත් අද උදෑසන පැවැති මාධ්‍ය හමුවකදී සර්වපාක්ෂික අරගලකරුවෝ වෙනුවෙන් එහි ජාතික සංවිධායක ෂේන් ප්රියවික්රම මහතා සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට