වර්තමානය වන විට සරසවි පාඨමාලා වලින් රැකියා අරමුණු ගිහි ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
සෑම වසරකටම දස දහසකට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට සිදුවුන නමුත් මේ වන විට රාජ්‍ය සේවයේ ලක්ෂ පහ ඉක්මවූ සේවක අතිරික්තයක් ද පවතින බව ද ඔහු සඳහන් කරනවා.
මීට ප්‍රධාන ලෙසම බලපා ඇත්තේ විශ්ව විද්‍යාලවල පාඨමාලා නව රැකියා අවස්ථා ඉලක්ක කරගනිමින් නිර්මාණය නොවීම බව ද පෙන්වා දෙන ජනාධිපතිවරයා මේ අයුරින් දිගින් දිගටම කටයුතු කළහොත් හැමදාමත් රටක් ලෙස හිඟමනේ යෙදීමට අපට සිදුවනු ඇති බවද සඳහන් කර තිබෙනවා.
දිවංගත ලලිත් ඇතුලත්මුදලි ශ්‍රීමතාණන්ගේ 86 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැති ගුණානුස්මරණ උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම කරුණු සඳහන් කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට