නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන්දින සාදයක් පැවැත් වීම හේතුවෙන් පියුමි හංසමාලි මහත්මිය ඇතුළු පිරිසක් නිරෝධායනය සඳහා බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යන අතරතුර බස් රථයේ සිදුවූ සිද්ධියක් පිළිබඳ ම වන විට සමාජයේ විශාල ආන්දෝලනයක් නිර්මාණය වී තිබෙනවා.
ඒ අදාළ පිරිස නිරෝධායනයට රැඟෙන යාම වලවමින් බස් රථය ආපසු හරවන ලෙස රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු ලබාදුන් බව කියන දුරකථන ඇමතුමක් හේතුවෙන්.
අදාළ ඇමතිවරයා විසින් පියුමි හංසමාලි මහත්මියගේ දුරකතනයට ඇමතුමක් ලබා දී ඒ හරහා බස් රථයේ සිටි පොලිස් නිලධාරීන් සම්න්ධකරගෙන තිබෙනවා.
එසේ ඇමතීමෙන් පසු ඔහු සඳහන් කර තිබෙන්නේ බස් රථය ආපසු හරවා එන ලෙසයි.
නමුත් බස් රථයේ සිටි පොලිස් නිලධාරියා විසින් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඔහු අදාළ ඇමතිවරයාට පවසා ඇත්තේ රටේ ඉහලම තැනකින් අදාළ පිරිස නිරෝධායනය සඳහා රැඟෙන යාම අධීක්ෂණය කරමින් සිටින බවයි.
එබැවින් තමන්ට බස් රථය ආපසු හැරවීමට නොහැකි බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?