Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සරත් වීරසේකර කියූ පාස්කු මහමොලකරු නවුෆර් මවුලවි නෙවෙයි, කුමන්ත්‍රණකරුවන් වෙනම තලයක ඉන්නවා – නීතිපති සියල්ල උඩු යටිකුරු කරමින් හෙළිකරයි

නීතිපති ධුරයෙන් ඉවත් වීමට නියමිත නීතිපති දප්පුල ලිවේර මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.

ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා නිව්ස්ෆස්ට් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබෙනවා.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේ රාජ්‍ය බුද්ධි සේවය හෙවත් SIS ආයතනයට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකරන ආකාරය, වේලාව, දිනය සහ අනෙකුත් තොරතුරු ලැබීම හරහා දැවැත්න කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටුපස තිබූ බව පෙනී යන බවයි.

මෙම දැවැන්ත කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු දෙනා සාක්ෂි හරහා අනාවරණය කළ යුතු බව ද ඔහු අවධාරණය කරනවා.

ආණ්ඩුව කියන නවුෆර් මවුලවි මහ මොළකරු කියන්න බෑ

මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රජය විසින් මහමොලකරු යැයි පවසන නවුෆර් මවුලවී ඇතුළු සැකකරුවන් රැසක් පිළිබඳව අවධානය යොමුකර ඇති බව පැවසූ නීතිපතිවරයා කියා සිටියේ නවුෆර් මව්ලවි මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන චරිතයක් මෙන්ම කණ්ඩායමේ නායකයා වුවත් මහමොලකරු මොහු බවට නිශ්චිතවම තවමත් කිව නොහැකි බවයි.

කුමන්ත්‍රණකරුවන් වෙනම තලයක ඉන්නවා

කුමන්ත්‍රණය සිදුකළ පුද්ගලයින් වෙනම තලයක් සිටින බවත් සහරාන් හෂීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තීරණය කළ ද ඔහුත් මෙම කුමන්ත්‍රණකාරී පුද්ගලයින්ගෙන් එක් අයෙකු පමණක් බවත් නීතිපතිවරයා නිව්ස්ෆස්ට් සමග කළ සාකච්ඡාවේදී පවසා තිබෙනවා.

මේ දක්වා විදේශීය පුද්ගලයින් මේ ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කර නොමැති අතර නීතිය ඉදිරියට ගෙනඒම සඳහා ඔවුන් හඳුනා නොගත් පුද්ගලයින් ලෙස දැනට සලකන බව ද නීතිපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

විදේශීය පුද්ගලයින්ගේ නම් ගම් කිසිදා හෙළි නොවේවි !

දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේ ඇතැම් විට කිසිදු අවස්ථාවක් විදේශීය පුද්ගලයින් කවුදැයි යන්න කිසිදා හෙළි නොවනු ඇති බවයි.

© මුලාශ්‍රය – News 1st

About The Author