Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සමාජ මාධ්‍යයත් චීන ක්‍රමයට යටත් කිරීමට රජය සැරසෙනවාද ?

ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය ජාල මුළුමනින්ම තහනම් කර දැමිය යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ චීනය තුළ සමාජ මාධ්‍ය තහනම් කර ඇති ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළද එය සිදු කළ යුතු බවයි.

නැතිනම් කළ යුතුවන්නේ සමාජ මාධ්‍ය සියල්ල දැඩිව නියාමනය කිරීම බවද ඔහු පවසනවා.

නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මේ අදහස් පළකරන්නේ ළමා අපචාර සිද්ධි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ හැසිරීම පිළිබඳ අවධානය යොමු කරමින්.

පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා කිසිදු නිශ්චිත නීති රාමුවක් හෝ වැඩ පිළිවෙලක් ශ්‍රී ලංකාවේ නොමැති බවයි.

එබැවින් ඒ පිළිබඳව තමා කැබිනට් මණ්ඩලයේ අවධානයට ද යොමු කළ බවද ඔහු මෙහිදී සඳහන් කළා.

About The Author