Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සමාජ මාධ්‍ය වරණය අස්සේ ඩිජිටල් ඇමති නාමල් ජනාධිපති ගෝඨාභයට දේශපාලන ගුලියක් අත අරී

VPN දමාගෙන ට්විටර් එයි : වැඩේ හොද නෑ : මම නම් කැමති නෑ කියා දැනුම්දෙයි

ශ්‍රී ලංකාව තුළ සමාජ ජාල අවහිර කිරීම තමන් කිසිසේත් අනුමත නොකරන බව ඩිජිටල් තාක්ෂණ අමාත්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

එනිසා මෙම තීරණය ගැන වඩා ප්‍රගතිශීලී ව සිතා නැවත සලකා බලන ලෙස තමා ඉල්ලා සිටින බව තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ.

තමන් ද සමාජ ජාලය වෙත පිවිසුණේ විකල්ප ක්‍රම භාවිතයෙන් බවද පවසන ඔහු විවේචනය කර තිබෙන්නේ ඔහුගේ බාප්පා කෙනෙකු වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ගනු ලැබූ තීරණයක් වීම විශේෂත්වයක්.

අනිත් කරුණ වන්නේ මෙම තීරණ ඩිජිටල් ඇමතිවරයා නොදැන සිටීමයි.

About The Author