Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ,ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට එරෙහිව එකට එක් වෙයි

සමගි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට එරෙහි දැවැන්ත විරෝධතාවයක් සඳහා ඒකරාශී වී තිබෙනවා.

මේ සමග දැනට ආණ්ඩුව නියෝජනය කරමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව සිටීම විශේෂත්වයක්.

මෙම සියලු පක්ෂ ඒකරාශී කරගනිමින් සංවිධානය කෙරුණු දැවැන්ත විරෝධතාවයක් අද (16) කුලියාපිටිය නගර මධ්‍යයේදී පැවැත්වුණා.

පසුගිය යහ පාලන සමයේදී වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය කුලියාපිටිය නගරයේ ඉදි කරමින් ඊට අනුබද්ධ ශික්ෂණ රෝහල ලෙස කුලියාපිටිය රෝහල සංවර්ධනය කිරීම සඳහා කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු වෛද්‍ය පීඨයට අනුබද්ධව කුලියාපිටිය ශික්ෂණ රෝහල කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය කළ යුතුයි එහි මහාචාර්ය ඒකකය කුරුණෑගලට ගෙනයාමට එරෙහිවයි මෙම විරෝධතාවය පැවැත්වුණේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ද වත්මන් ආණ්ඩුවේ අදාළ තීරණය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කර තිබුණා.

හිටපු අධ්‍යාපන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා ද මෙම විරෝධතාවට එක්ව සිටි අතර ඔහු සඳහන් කළේ කැබිනට් අනුමැතිය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාවේ සියලු අනුමැතියට යටත්ව ඉදිකෙරෙන මෙම මහාචාර්ය ඒකකය කුරුණෑගලට රැගෙන යාම නීති විරෝධී සහ බරපතල දේශපාලනික ඇඟිලි ගැසීමක් මත සිදුවන්නක් බවයි.

මහාසංඝරත්නය ඇතුළු පක්ෂ විපක්ෂ බේදයෙන් තොර විශාල පිරිසක් මේ විරෝධාතාවයට එක්ව සිටියා.

මෙහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අවධාරණය කළේ අදාල තීන්දුව හකුලා ගන්නා තුරු පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා එක්ව කටයුතු කරන බවයි.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් අදාළ විරෝධතාවය සඳහා එක්වූ නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ කිසිදු රජයකට ජනතාව සතු මෙම අයිතීන් උදුරා ගැනීමට ඉඩ නොතබන බවයි.

About The Author