Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සභාපති හඩ්සන් ගුවන් විදුලියේ රෙද්ද කඩයි – බැසිල්ගෙන් පඩි ඉල්ලගනිල්ලා යැයි කියයි

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා විසින්ම ඔහු සේවය කරන ගුවන් විදුලි සංස්ථාවේ සිදුව ඇති බරපතල අක්‍රමිකතාවයක් පිළිබඳ විශේෂ අනාවරණයක් සිදු කර තිබෙනවා.

ඒ පසුගියදා(20) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහාම විකාශනය කරන ලද “දස දෙසින් 07” වැඩසටහනට එක්වෙමින්.

නිවේදක භූමිකාවට එහා ගොස් මයික්‍රෝෆෝනය අතට ගෙන තමාට අභිමත සේ අදහස් පළකරමින් වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ප්‍රකට හඩ්සන් සමරසිංහ මහතා අත්දැකීම් වලින් පිරිපුන් මාධ්‍යකරුවෙකු ලෙස පිළිගැනීමට ලක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇති ඒ මහතා පස්වන වතාවටත් එහි සභාපති ධුරයට පත් වීමෙන් අනතුරුව මෙලෙස එහි සිදුව ඇති අක්‍රමික සහ දේශපාලන හිතවත් කම් මත සිදු කර ඇති උසස් වීම් පිළිබද දැඩි විරෝධය පළකරනවා.

වාර්තා වන අන්දමට වත්මන් ශ්‍රී ලංකා ගුවන් විදුලිය විනාශ මුඛයට ඇද දමමින් නුසුදුස්සන් පිරිසකට ද උසස් වීම් ලබා දී ඇත්තේ දේශපාලන හිතවත් කම් සහ වෙනත් පුද්ගලික හිතවත් කම් මතයි.

එමෙන්ම විරුද්ධ දේශපාලන මත දරන දක්ෂ සේවකයින් කිසිවෙකුට උසස් වීම් කිසිවක් ලබා දී නොමැති බවට චෝදනා එල්ලවන අතර ඇතැම් සේවකයන්ගේ සේවය ස්ථිර කිරීම පවා හිතා මතා පැහැර හරින බවට කරුණු හෙළිව තිබෙනවා.

හඩ්සන් සමරසිංහ මහතා පවසන්නේ ගොළුවන්ට පවා නිවේදක තනතුරු ලබා දී ඇති බවයි.

මෙම අශෝභන උසස් වීම් ලබා දීම පිටුපස ගුවන් විදුලිය පාඩු පිට පාඩු ලබමින් සම්පුර්ණයෙන්ම කඩාවැටී ඇති බවයි එහි සභාපති හඩ්සන් සමරසිංහ මහතා වැඩිදුරටත්පෙ පෙන්න්වා දෙන්නේ.

“වරෙව් කන්න ගුවන් විදුලියේ රස්සා දන්සලක් තියනවා – තව පොඩ්ඩක් ඉතිරිවෙලා තියනවා” යනුවෙන්ද ඔහු මෙහිදී පැවසීය.

දැඩි අවේගයෙන් කතා කරන සභාපති වරයා පවසන්නේ පත්වීම් ලබා ගත් අය අදාල වැටුප් වර්ධක බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ගන්නා ලෙසයි.

වියත් මගෙන් ගුවන් විදුලියට ආ විශාරදවරයා පියානෝවක් ගල් කරලා

මේ අතර ගුවන්විදුලි සංස්ථාවේ දසවන මැදිරියේ මිල කළ නොහැකි ඉපැරණි පියානෝවක් අලුත්වැඩියාවක් සඳහා බව පවසමින් සංස්ථා පරිශ්‍රයෙන් එළියට රැගෙන ගොස් වෙනත් එකකට මාරු කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ද හඩ්සන් සමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් කළ බව ප්‍රකාශ කරනවා.

ඔහු පවසන්නේ වියත් මගෙන් ගුවන්විදුලියට ආ විශාරදයා මෙම සිද්ධියට සම්බන්ධ වී ඇති බවයි.

සේවකයන් එම චෝදනාව එල්ල කරන්නේ හිටපු සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතාටයි.

අදාළ කොටස පහළින්..

සැබැඳි පුවත් – පියානෝ ගැහිල්ලකින් ගුවන් විදුලිය හෙල්ලෙයි

ජරමර බර බර මැද ගුවන් විදුලියේ මහ පුටුවට හඩ්සන් – එන දවසේම බාල්දියක්

About The Author