Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සභාපති සර්ව පාක්ෂික සමුළුවේ තබා නිදහස් පක්ෂ සාමාජිකයන් එළියේ මාධ්‍ය හමුවක : ආණ්ඩුවට කෙවිට දික් කරයි : සමුළුව යෝජනා කළේ දීග ශක්තිමත් කිරීමට නොවන බවත් දැනුම් දෙයි

ආණ්ඩුව ට්‍රිලියන දෙකක් මුදල් අච්චු ගැහුවා අර්බුදයට එයත් හේතුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සර්වපාක්ෂික සමුළුවක් යෝජනා කළේ රජය සමඟ දීගය ශක්තිමත් කිරීමට නොවන බව නියෝජ්‍ය කථානායක ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මෑත කාලය තුළ ශ්‍රී ලංකාව තුළ රුපියල් ට්‍රිලියන 03ක මුදලක් මුද්‍රණය කර ඇති බව හිටපු නියෝජ්‍ය මුදල් අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතා නායක ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

නියෝජ්‍ය කථානායක ආචාර්ය රංජිත් සියඹලාපිටිය

ඒ මහතා මේ බව පැවසුවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පැවැති සර්වපාක්ෂික සමුළුවෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ඒ පිලිබඳ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සකස් කරන ලද කරුණු 22කින් සමන්විත යෝජනා වලියක් ශ්‍රි.ල.නි.ප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙන ලදී.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ යුතුකමක් සහ වගකීමක් වශයෙනුත්,මෙම රජය නිර්මාණය කිරීමට සෘජුව දායක වූ පාර්ශවයක් වශයෙන් හා ජනතාවට වගකිව යුතු නියෝජිතයන් වශයෙන් රට පත් වී ඇති අගාධයෙන් ගොඩ ඒමට මෙම සර්වපාක්ෂික සමුළුව යෝජනා කළ බවත් මෙම රජය සමඟ දීගය ශක්තිමත් කිරීම සඳහා කරන ලද යෝජනාවක් නොවන බවත් සියඹලාපිටිය මහතා අවධාරණය කළේය.

මෙසේ මුදල් ට්‍රිලියන 03ක් නිකුත් කිරීමෙන් රට තවත් අගාධයකට යන බව පැවසූ ඒ මහතා වහාම මේ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව අද පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයාට ප්‍රකාශ කළ බව ඔහු සඳහන් කළේය.

කඩිනම් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා නව අයවැයක් රැගෙන ආ යුතු බවට කල යෝජනාවට මුදල් අමාත්‍ය වරයා මෙහිදි එකගතාවය පළ කළ බව හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාවේ මේ වන විට ලබාගෙන ඇති මුළු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 36ක් වන අතර එම ණය වලින් ඩොලර් මිලියන 16 ලබාගෙන ඇත්තේ වෙළද ණය ලෙසය. එම ණය ලබාගෙන ඇත්තේ වැඩි පොලියට බැවින් ණය ලබාගත් ආයතන සමඟ සාකච්ඡා කර ප්‍රතිසංවිධාන නොකළහොත් රට අගාධයට වැටෙන තත්වය නවත්වා ගැනීම නොහැකි බව නියෝජ්‍ය කථානායක ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

එමෙන්ම රජය විසින් වර්තමානයේ ක්‍රියාත්මක කරන සමස්ත ණය වාරික ගෙවීමේ ක්‍රමවේදය වහාම වෙනස් කලයුතු බවට ජනාධිපතිවරයා දැනුවත් කල බවද සියඹලාපිටිය මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

රටේ පවතින්නේ විදුලි අර්බුදයක් නොව ඩීසල් අර්බුදයක් බව ප්‍රකාශ කල නියෝජ්‍ය කථානායක තුමා ඩීසල් තිබේ නම් විදුලිය උත්පාදනය කිරීම ගැටලුවක් නොවන බවට ජනාධිපතිවරයා එහිදී දැනුවත් කල බව පැවසීය.

About The Author