Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉන්ධන ගංවතුරට මුසුවෙයි – තවත් මහා පරිසර විනාශයක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිහිටා ඇති දැවි තෙල් ගබඩා කරන භූ ගත ටැංකියකින් කාන්දු වු දැවි තෙල් අධික වර්ෂාව හේතුවෙන් ජලය සමඟ මිශ්‍ර වී තිබෙනවා.

මේ හේතුවෙන් බියගම සහ මාබිම ප්‍රදේශපුරා ගංවතුර සමග මෙම ඉන්ධන ගලා ගොස් තිබෙනවා.

මින් බලපෑමට ලක්වූ ජනතාව චෝදනා කරමින් කියා සිටින්නේ බිමට ගන්නා ළිං ජලයට මෙන්ම වගාවන්ද සම්පුර්ණයෙන් විනාශ වී ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් විශාල පරිසර දුෂණයක් මෙන්ම මහජනතාවගේ සෞඛ්‍යයට බරපතල බලපෑමක් සිදුව තිබෙනවා.

එම ඉන්ධන මිශ්‍ර ජලය කැළණි ගඟට මුසු වුවහොත් තත්වය තවත් සංකීරණ වනු ඇති.

කෙසේ වෙතත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ දැවි තෙල් මිශ්‍ර ජලය කැළණි ගඟට මුසුවීම වැළැක්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක සාමාජිකයින් සමත් ව ඇති බවයි.

නමුත් ප්‍රදේශ වාසින් පෙන්වා දෙන්නේ එම ජලය කැළණි ගඟට මුසුවීමේ අවධානම මෙතෙක් පහව ගොස් නැති බවයි.

About The Author