Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සනත් නිශාන්තගෙන් කථානායකට ලියුම් කඩදහියක්

තමාව සති දෙකක කාලයක් සඳහා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීම තහනම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා කථානායකවරයාට නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය දා පාර්ලිමේන්තු සභාගර්භයේ දී සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ කණගාටුව පළ කරන අතර, එය සිදුනොවිය යුත්තක් බව තමා විශ්වාස කරන බව ද අදාළ ලිපියේ දැක්වේ.

එම තත්ත්වයට පත්වීමට හේතු කාරණා කිහිපයක් සනත් නිශාන්ත මහතා විසින් කථානායකවරයා වෙත ඉදිරිපත් කර ඇත.

සනත් නිශාන්ත මහතා කථානායකවරයා වෙත ඉදිරිපත් කළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

About The Author