Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සතියකට හාල් කිලෝවක් දෙන්නෙක්ට ඇහැකියි : රාජපක්ෂ ලොකු අයියා ජනතාවට කියයි

හාල් කිලෝවක් 125 ලු : බොරු කියන්න එපා 156 යි ජනතාව හැරෙන තැපෑලෙන් උත්තර දෙයි

වර්තමානයේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය තාවකාලික බවත් ඒ්වා විසඳාගත හැකි බවත් වාරිමාර්ග අමාත්‍යතු සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

සහල් කිලෝවක මිල ඉහළ ගොස් ඇති බව පවසන අමාත්‍යවරයා එහි මිල කීයක්වන්නේ දැයි රැස්වීමක් අමතමින් ජනතාවගෙන් විමසා සිටියා.

අමාත්‍යවරයා එහිදී පැවසුවේ සහල් කිලෝවක් රුපියල් 125 ක් පමණ වන බව තමන්ට තිස්සමහාරාමයේ සහල් මෝල් හිමියෙකු පැවසූ බවයි.

එහිදී රැස්ව සිටි ජනතාව අමාත්‍යවරයාට පැවසුවේ සහල් කිලෝවක් රුපියල් 156 ක් පමණ වන බවයි.

පසුව චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ රුපියල් 156 කට මිලදී ගන්නා සහල් කිලෝවක් දෙදෙනෙකුට සතියකට ප්‍රමාණවත් වන බවයි.

© News 19

About The Author