ජනතාවට දරාගත නොහැකි ලෙස ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල වගකිවයුතු බව සඳහන් කරමින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය ඊයේ (15 වැනිදා) තීරණය කර තිබෙනවා.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ පැවැති පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වන 22 හෝ 23 වැනිදා විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධනට භාරදීමට නියමිතය. ඉන්ධන මිල ඉහළ දැමීමට අමතරව පොහොර හිඟය සහ කොවිඩ් තත්ත්වය පිළිබඳවද මෙම රැස්වීමේදී සාකච්ඡා කර තිබේ.
ඉන්ධන මිල ඉහළ දැමීම මහින්ද රාජපක්ෂ මහතා ගේ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත සිදුවූවක් බව ද රට හමුවේ අනාවරණය වී ඇති පසුබිමක ගම්මන්පිල මහතා සම්බන්ධයෙන් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම යම් ආකාරයක ආන්දෝලනාත්මක තත්ත්වයකට තුඩු දී ඇති බවයි වාර්තා වන්නේ.
අනෙක් වැදගත් කරුණ වන්නේ මේ වන විට ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතා වගකිව යුතු බවට පවසන ආණ්ඩු පක්ෂයේ සිටන එකම පුද්ගලයා සාගර කාරියවසම් මහතා පමණක් බව මේ වන විට පෙනෙන්නට තිබීමයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් පළකළ සමගි ජනබලවේගය පක්ෂයේ නියෝජිතයෙකු සඳහන් කළේ කිසිවිටෙකත් සාගර කාරියවසම් මහතාට සහය පළ කිරීමට සමගි ජන බලවේගයේ පක්ෂයේ කටයුතු නොකරන බවයි.
ඉන්ධන මිල ඉහළ දැමීමමින් ජනතාව පීඩාවට පත්කිරීම සම්බන්ධයෙන් තම පක්ෂය දැඩි විරෝධතාවය පල කර ඇති බවත් ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන්නේ ඔහුද මේ කාරණාව සඳහා වගකිව යුතු බැවින් බවද පෙන්වා දුන් අදාල නියෝජිතයා තම පක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු උදය ගම්මන්පිල මහතාට එරෙහිව අදහස් ප්‍රකාශ කළ සාගර කාරියවසම් මහතා සහ ඔහු පසුපස සිටින කණ්ඩායම ගනු ලබන තීරණය කුමක් ද යන්න රට හමුවේ අනාවරණය කරගත හැකිවනු ඇති බවද ඔහු සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට