ප්‍රමිතියෙන් තොර කිසිදු ඉන්ධන තොගයක් මෙරටට ගොඩ බෑම සඳහා අවසර ලබා දී නොමැති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරයි.
ඒ, අද (17) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී පළ කළ අදහසකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙම අදහස් පළ කළේය.
ඒ අනුව කොළොන්නාව හා ත්‍රිකුණාමල ඉන්ධන ගබඩා සඳහා නිසි ක්‍රමවේදයට අනුව ඉන්ධන ගොඩ බෑම් සඳහා අදාළ ඉන්ධන සමාගම් ක්‍රියා කර ඇති බව ද ඔහු අවධාරණය කරයි.
ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳ අනුකූලතා අනුව කටයුතු කිරීම සඳහා අමාත්‍යාංශයක් වශයෙන් වගකීම ගන්නා බව ද කංචන විජේසේකර අමාත්‍යවරයා පැවසීය.
විවිධ මාධ්‍ය වාර්තාවල මෙරටට බාල ඉන්ධන රැගෙනවිත් ඇති බවට පළ වූ සියලු වාර්තා අසත්‍ය බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.
ගැටලුව ඇත්තේ, ඉන්ධනවල ප්‍රමිතිය තුළ නොව විපක්ෂ නායකවරයා භාවිත කරන වචනවල බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
අමාත්‍ය කංචන විජේසේකර මහතා ගේ අදහස් දැක්වීමෙන් ඉනික්බිති නැවතත් අදහස් පළ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, මෙරටට රැගෙන ආ ඉන්ධනවලින් කොටසක් බාල ඉන්ධන බවට ඔප්පු වී තිබෙන බවයි.
කෙසේ වෙතත් අවසාන වශයෙන් අදහස් පළ කළ අමාත්‍යවරයා, නැවත නැවතත් සඳහන් කළේ, ඛනිජ තෙල් සංස්ථාව හෝ තොග ගබඩා පර්‍යන්තය හරහා කිසි ලෙසකින් බාල ඉන්ධන මෙරටට රැගෙනවිත් නැති බවයි.
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී මෙවැනි ප්‍රකාශ සිදු කරනු වෙනුවට යම් සැකයක් ඇත්නම් ඒ පිළිබඳ නීතිමය පියවර ගන්නා ලෙස ද කංචන විජේසේකර අමාත්‍යවරයා විපක්ෂ නායකවරයාට ප්‍රකාශ කළේය.
ඊට ද පිළිතුරු වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, අදාළ ඉන්ධන තොග පිළිබඳ පරීක්ෂණ වාර්තා පාර්ලිමේන්තුවේ හැන්සාඩ්ගත කරන ලෙසයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි