Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සජිත් ගොඩ ගියෙත් මගේ කැම්පේන් එක නිසා

‘සජිත් ප්‍රේමදාස මහත්තයා එජාපයෙන් ඇවිල්ලා මාස කීපයක් තුළ ලක්ෂ 55ක ඡන්දයක් ගන්න හැකිවුණේ සහ සජබය
ඔය තැනට ආවේ මගේ ප්‍රචාරණ සහ විවිධ කන්සෙප්ට් නිසා.

ඒ නිසා මමත් හිතනවා මටත් ඒක අයිති කියලා. ඒත් මේ මෑතක එතුමා අර ද්විත්ව පුරවැසියෙක් වෙච්ච කුමාර් ගුණරත්නම් එක්ක එකතුවෙලා අරගලයට නැගලා අරගලයේ මිනිස්සුන්ගෙන් හූ හඬ මැද්දේ යන්න ගියා.

ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයව අරගලයේ අය වුණු සුලු පක්ෂ එක්කද දකින්න ඕන නැත්නම් දැක්මක් සහිත නායකයෙක් හැටියටද? වගකීමක් තියෙන අනාගතයේ සුබසාධක ජනාධිපති කෙනෙක් වීමද? ඔහුට ඕන ඡන්දයක් තියලා ඉක්මනින් ජනාධිපති වෙන්න.

හැබැයි එතුමාට කවදා හරි මතක් වෙයි මූණට මූණ එතුමාට මම කිව්ව දේවල්. මම සහෝදරයෙක් හැටියට මේ විවේචනය කරන්නෙ.‘

යනුවෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය සති අන්ත පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබුණා.

About The Author