ඊයේ (25) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද ඇප මත නිදහස් කෙරුණු පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති හා සිවිල් ක්‍රියාකාරිකයෙකු වූ අසේල සම්පත් මහතා නිදහස හිමිවීමෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසුණා.
ඒ විපක්ෂ නායක කාර්යාලයේ දී.
දරුවන් දෙදෙනෙකු සහ බිරිඳ සමග විපක්ෂ නායක කාර්යාල පැමිණි අසේල සම්පත් මහතා පිළිගනු ලැබුවේ පක්ෂ නායකවරයා විසින්මයි.
ප්‍රේමදාස මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පිළිබඳව තොරතුරු විමසා සිටි අතර අසේල සම්පත් මහතා විසින් ඔහු අත්අඩංගුවට ගත් ආකාරය පිළිබඳ පැහැදිලි කරනු ලැබුවා.
එමෙන්ම ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසු විපක්ෂ නායකවරයා දැනට ශ්‍රීපාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු වල නිරත වන සම්පත් මහතාගේ දියණියගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්වයක් ලබා දීමටත් වැඩිමල් පුතුගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සඳහා පරිගණක සහ අවශ්‍ය පහසුකම් ලබාදීමටත් පොරොන්දු වීම විශේෂත්වයක්.
රටේ ව්‍යවස්ථානුකුලව ජනතාවට පැවරී ඇති මානව අයිතිවාසිකම් අනුව යම් කටයුත්තක් සිදු වේ නම් එය විවේචනය කිරීමේ බලය ඕනෑම පුරවැසියෙකුට ඇති බවද විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළා.
එම අයිතිය උල්ලංඝනය කරමින් රජය විසින් මර්ධනකාරී ක්‍රියාවල නිරත වන්නේ නම් ඒ සම්බන්ධයෙන් විපක්ෂය ලෙස ඉදිරියේදී ජනතාව සමග සටනට අවතීර්ණ වන බවයි ඔහු අවධාරණය කළේ.
අසේල සම්පත් මහතා වෙනුවෙන් නීතීඥ සහාය ලබාදී තිබෙන්නේ ද සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි සමගි ජන බලවේගය පක්ෂයට සම්බන්ධ නීතිඥ කණ්ඩායමක් විසින්.
සියලු කටයුතු වෙනුවෙන් අසේල සම්පත් මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සිය කෘතවේදීත්වය පළකර තිබෙනවා.
අසේල සම්පත් මහතා අත්අඩංගුවට ගෙන තිබුනේ කොරෝනා එන්නත් වල ගුණාත්මක බව අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ බව පවසමින්.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි