සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා එම පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයකු වීමට තීරණය කර තිබෙනවා.
ඔහු සඳහන් කරන්නේ ඉක්මනින් නව රජයක් පිහිටුවා ජනතා අරගලයට විසඳුම් ලබාදිය යුතු බවයි.
සමගි ජන බලවේගය මෙය තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් තමන් රජයක් පිහිටුවීමේ ක්‍රියාවලිය ට ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස සහාය දැක්වීමට තීරණය කළ බවද ඔහු සඳහන් කර තිබෙනවා.
මේ අතර සමගි ජන බලවේගය නියෝජනය කරන තවත් මන්ත්‍රී කණ්ඩායමක් ස්වාධීන වීමට සැලසුම් කර ඇති බව ද වාර්තාවනවා.
මනුෂ නානායක්කාර ,හර්ෂ ද සිල්වා ,එරාන් වික්‍රමරත්න, ගයන්ත කරුණාතිලක ඇතුළු 20 දෙනෙකුගෙන් පමණ සමන් විත මන්ත්‍රී කණ්ඩායමක් මෙලෙස ස්වාධීන වීමට සැලසුම් කර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
ඔවුන් හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විශේෂ සකච්ඡාවක් ද පවත්වා ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි