Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සජිත්ගෙන් ගෝඨාභයට පණිවිඩයක් : කොන්දේසි දමා අගමැතිකම ඉල්ලයි

හෙට දවසේ නව රජයක් දිවුරුම්දීම සඳහා අවශ්‍ය කටයුතු සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව දැනුම්දෙමින් සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ රට තුළ මේ වනවිට පවතින තත්ත්වය හමුවේ කෙටි කාලීන රජයක් පිහිටුවීමට තමන් සූදානම් බවයි,

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය ධූරය භාරගන්නා ලෙස මහා සංඝරත්නය ඇතුළු විවිධ පාර්ශවයේ ඉල්ලීම් කරමින් සිටි අවස්ථාවේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා ඉවත් නොවන්නේ නම් කිසිදු ඉල්ලීමකට එකඟ නොවන බව සපථ කරමින් සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කිරීම හේතුවන් සමගි ජන බලවේගය පක්ෂය තුළ බරපතළ දෙකඩ වීමක් ඇති වුණා.

එහි ප්‍රතිඵලය වූයේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීම සඳහා කටයුතු සම්පාදනය වීමයි.

වාර්තා වන අන්දමට සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන සමගි ජන බලවේගයේ අඩකගේ පමණ සහයද වික්‍රමසිංහ මහතාට හිමිව තිබෙනවා.

එලෙස වික්‍රමසිංහ මහතාට සහය පළ කරන පිරිස් සඳහන් කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ කල් මැරීමේ ක්‍රියාවලිය හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ තමන් ජනතාව සමග සිට කරමින් කටයුතු කරන බවයි.

සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරයාට යොමුකළ ලිපිය පහලින්..

About The Author