රටෙහි උද්ගතව පවත්නා අර්බුද හේතුවෙන් ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන්නැ’යි බලකරමින් සමගි ජන බලවේගය විරෝධතා පාගමනක් සංවිධානය කර තිබේ. එම විරෝධතා පාගමන හෙට (26) මහනුවරින් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. විරෝධතා පාගමන මැයි පළමුවනදා කොළඹට ළගාවීමට සැළසුම් කර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.
අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියේ සුදු හෝ කලු පැහැති ඇඳුමින් සැරසී මෙම පාගමනට සහභාගි වන ලෙසටයි.
විරෝධතා පාගමනේ ගමන් මග :
*පළමු දිනය – මහනුවර සිට මාවනැල්ලට
*දෙවැනි දිනය – මාවනැල්ලේ සිට ගලිගමුවට
*තෙවැනි දිනය – ගලිගමුවේ සිට දංඕවිටට
*සිව්වැනි දිනය – දංඕවිට සිට යක්කලට
*පස්වැනි දිනය – යක්කල සිට පෑලියගොඩට
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි