උතුරේ ද, දකුණේ ද දේශපාලන නායකයින්ගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ එකම පුද්ගලයා දයාන් ජයතිලකය. පලාත් සභා ඇමතිවරයෙකු, ලේඛකයෙකු, තානාපතිවරයෙකු, මහින්ද සුළඟ පළමු වේදිකාවේ කථිකයෙකු වූ දයාන් කේන්ද්‍රීයව සජබ තුල දැවැන්ත ගැටුමක් නිර්මාණය වී ඇත.
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමීපතම උපදේශකයා වූ දයාන් ජයතිලක, වසර 32 කට පසුව දැන් ප්‍රේමදාස පුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ උපදේශකවරයා වී ඇත.
වසරේ සජබ පළමු කලමනාකරණ රැස්වීමේ දී දයාන් ජයතිලක මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳ යම් අර්බුදයක් නිර්මාණය වූ බව හර්ෂ ද සිල්වා ද මී මැස්සෝ TV සමඟ පැවති සාකච්ඡාවකදී ද පිළිගත්තේය.
සජබ තුල සිදුවන සියළු සාකච්ඡා පැය කිහිපයකින් වෙබ් අඩවි සහ වට්ස්අප් ගෘෘප්වලට යන්නේය. දයාන් පක්ෂ අභ්‍යන්තර සාකච්ඡා පුවත්පත්වල ලිවීමට පටන් ගත් පසුව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් දැන් පක්ෂ රැස්වීම්වලට සහභාගි වන්නේ හෝ නිදහසේ අදහස් දක්වන්නේ හෝ නැත.
ජනපති ප්‍රේමදාස සමයේ එජපය තුල ලලිත් ගාමිණී කේන්ද්‍රගතව බෙදීම හා සමාන කැරැල්ලක් සජබ හරහා හමා යමින් ඇත. එහි න්‍යයාචාර්යවරයා සජිත් ප්‍රේමදාස ගේ උපදේශක දයාන් ජයතිලක බව සජබ මන්ත්‍රීවරුන්ගේ අදහසය.
දයාන් ජයතිලකගේ දේශපාලන ආගමනය
ඊපීආර්එල්එෆ් සංවිධානයෙන් ක්‍රියාකාරී දේශපාලනය ඇරඹි දයාන්, ඊපීආර්එල්එෆ් සංවිධානය ප්‍රමුඛව හැදූ උතුරු නැගෙනහිර පළමු පළාත් සභාවේ අමාත්‍යවරයෙකු බවට පත් විය. දයාන්ගේ පළමු නායක පද්මනාභ ඝතානය වූ අතර, මහ ඇමති වර්ධරාජා පෙරුමාල් ට ඉන්දියාවේ සරණාගත තත්වය ලබා ගැනීමට සිදු විය. වර්ධරාජා ඊලම ප්‍රකාශ කරන්නේ දයාන්ගේ උපදේශයක් අනුවය.
දයාන් කලක් විජය කුමාරතුංග ගේද උපදේශකවරයා විය. පැරණි වාමාංශික දේශපාලන පක්ෂ සමඟ එකට හිටගන්නට විජයට අවශ්‍ය කතා කියා දුන්නේ දයාන් ය. එක්සත් සමාජවාදී පෙරමුණ බිහිකරන්නට පෙර විජය කුමාරතුංග ද ඝාතනයට ලක් විය.
ඊළඟට දයාන් ලංකර ගත්තේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ය. ප්‍රේමදාස ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන්ට වැඩි බලයක් පාස්කරලිංගම්, පොලිස් අධිකාරි ලෝරන්ස්, කැසිනෝ ජෝ සිම් හා දයාන් ජයතිකට තිබුණි. ‘අනුරුද්ධ තිලකසිරි‘ නමින් ලිපි ලියූ දයාන් එදා ප්‍රේමදාස ට ලංවූවේ නිකරගුවා, සැන්ඩනිස්ටා, බොලීවියන්, කාම්බෝජ, වියට්නාම් ගරිල්ලා කතා නාට්‍යානුසාරයෙන් දක්වමිනි.
සජබ රැස්වීමක දී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රේමදාස විසින් එල්ටීටීඊ යට ආයුධ දුන් පසුව හමුදාව විනාශ වූ ආකාරයත් ඒ අතීතය ගැන නැවත සිහි කරන ප්‍රේමදාස ජනපති ගැන කතා කිරීම නොකළ යුතු බවත් දක්වීය.
ආණ්ඩුවේ ආයුධ සතුරු කණ්ඩායම් අතරින් එකකට ලබා දී, සතුරන් සතුරන් අතර ගැටුම් ඇති කිරීමේ ගරිල්ලා ක්‍රමය පොල්පොට්, සැන්ඩනිස්ටා ඇසුරෙන් ලංකාවේ ජනගත කළේ අනුරුද්ධ තිලකසිරි හෙවත් දයාන් ය.
ජනතා වෛරයට පාත්‍ර වූ මේ ක්‍රියාව නිසා ඩෙන්සිල් කොබ්බෑකඩුව අවමගුල් උත්සවයේ දී ප්‍රහාරයට ලක්වී ඇදිවත පවා අහිමි කරන ගන්නට දයාන් ට සිදු විය.
දයාන් ඊලඟ ගියේ මහජන පක්ෂ නායක ඔසී අබේගුණසේකර ලඟටය. ඔහු තොටලඟ බෝම්බයෙන් ඝාතනය විය.
සිරිසේන කුරේ ගේ ප්‍රේමදාස කේන්ද්‍රයේ කාමරයකට ගිය දයාන් රනිල් වික්‍රමසිංහ විනාශ කිරීමේ කුමන්ත්‍රණයට එක් විය.
ටික කලක් නිහඩව සිටි දයාන්, ඊලඟට මහින්ද රාජපක්ෂ ට ළං විය.
2014 නොවැම්බර් උදේ වරුවේ මෛත්‍රීපාල සිරිසේන සමඟ සිටි දයාන්, සවස නැවත මහින්ද ලඟට ගියේය. යහපාලනය හිමිවීමෙන් පසුව නුගේගොඩ පැවති පළමු මහින්ද සුළඟ රැළියේ ප්‍රමුඛ කතිකයා වූවේ ද දයාන් ය.
ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක දේශනයක් පැවැත්වීම සඳහා දයාන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත රැගෙන ගියේය. ටික කලකින් ශිරාල් ගැන ජනාධිපතිවරයාට කේලම් කියූ දයාන් රුසියාවේ තානාපති කර මෛත්‍රී ඇඟ බේරා ගත්තේය.
දයාන් ලංකර ගත් පත්මනාභ, වර්ධරාජා, විජය, ප්‍රේමදාස, ඔසී, සිරිසේන කුරේ දේශපාලනික විනාශ විය.
දයාන් දුරින් තබා ගත් මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන ගේ සටකපට දේශපාලන නිසා ඔවුන් කරදරයේ නොවැටී බේරුණේය.
දේශපාලන ගැඹුරක්, ඥානයක් නැති ලුම්පන් නායකයින් සිය ඉංග්‍රීසි නොහැකියාව, බුද්ධිමය දරිද්‍රතාවය වසා ගැනීමට දයාන් ජයතිලක ලංකර ගත්තේය. දයාන් උපදේශකයා ලෙස කටයුතු කළ හැම නායකයාම පසුගාමී සමාජ පසුබිම් සහිත, තම බුද්ධියේ දැනුමේ අඩුව එහෙයියෙකුගෙන් පුරවා ගැනීමට උත්සහ කළ නායකයින් ය. නායකයින්ගේ මේ දුබලතාවයෙන් කනින් රිංගන්නට දයාන් හැම විටම සමත් වූවේය.
සජබ අර්බුද පුපුරායාමට ආසන්නතම හේතු ව වූ දයාන් ජයතිලක දැන් සජිත් ප්‍රේමදාස ගේ උපදේශක ය. පත්මනාභ-විජය-ප්‍රේමදාස-ඔසී-කුරේ ගේ දේශපාලනික අරාජිකත්වයෙන් මාවතට සජිත් රැගෙන යන්නට දයාන් ට කෙටි කලක දී ම හැකිවී ඇත.
චම්පික, සරත් ෆොන්සේකා, හරීන්, හර්ෂ, තලතා, එරාන්, මනූෂ වැනි සජබ ක්‍රියාකාරීන්ට පමණක් නොව කබීර් හෂිම්, රාජිත වැනි දැවැන්තයින් දැන් රැස්වීමකට එන්නේ කලාතුරකිනි. කටක් අරින්නේ කේක් කන්න පමණකි.
© අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති විශේෂ ලියුම්කරුවෙකු විසිනි
අත නොහැර කියවන තැන
නිදහසේ උත්කර්ෂය සහ අපි – මහින්ද රූබසිංහ ලන්ඩනයේ සිට ලියයි
මේ ගුරු පාරේ මේ දොළ අයිනේ අපේ රහස් ඇත සැඟවීලා
ඉදිරි දශකය තුළ ශ්‍රී ලාංකේය අධ්‍යාපනය කෙසේ වෙනස් විය යුතු ද?