කොටුව ජනාධිපති මන්දිරයත් චීනයට ලබා දී චීන ආණ්ඩුකාරවරයෙකු පදිංචි කරන්න
කතාව යට ගහන්න එපා පාර්ලිනේම්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ආණ්ඩුවට කියයි
ශ්‍රී ලංකාව චීන කොලනියක් බවට පත් කර ඇති බව වසන් නොකොට ගන්නත් පිළිගන්නා ලෙස දමිළ ප්රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසනවා.
පාවෙන ඡන්ද වලින් බලයට පත් වත්මන් ආණ්ඩුව අද රට කපිතාන්වරයෙකු නොමැති නැවක් මෙන් අයාලේ යාමට හැර ඇති බව ද ඔහු සඳහන් කරනවා.
ජනතාව බඩුමිල ඉහල යෑමෙන් දැඩිලෙස පීඩාවට පත් වී ඇති බවත් මේ සම්බන්ධයෙන් රජයේ එකම පිළිතුර වී ඇත්තේ කොරෝනා හේතුවෙන්ව රටේ ආර්ථිකය ද කඩා වැටී ඇති බව පැවැසීම පමණක් බවත් පෙන්වා දෙන මනෝ ගනේෂන් මහතා අසල්වැසි ඉන්දියාව බංග්ලාදේශය වැනි රටවල් වලටද කොරෝනාවේ බලපෑම තිබියදී සිදුව ඇත්තේ කුමක්දැයි යන්න පිළිබඳව ප්‍රශ්න කරනවා.
රටේ ආර්ථිකය කළමනාකරණය කරගත නොහැකි දුර්වල පාලකයින් සහ රටේ ජනතාව අපහසුතාවට පත් නොකොට දේශපාලනය ඉවත්විය යුතු බව ද මනෝ ගනේෂන් මහතා පවසනවා.
ද අසූචි සහ අහිතකර බැක්ටීරියා වර්ග මිශ්‍ර පොහොර රට තුළට ගෙන්වා ඇති බව පෙන්වා දෙන මනෝ ගනේෂන් මහතා සඳහන් කරන්නේ ආණ්ඩුව චීන තානාපති කාර්යාලයේ බලපෑමට යටත්ව ඇති බවට සැකයක් මතුව ඇති බවයි.
චීනයට වරාය නගරය බාරදුන් අයුරින්ම, ඒ වටා ඇති අක්කර 13ක පමණ ඉඩම ද අද චීනයට ලබාදීමට නියමිත බවට ආරංචි මාර්ග තමන්ට ලැබී ඇති බවත් පවසන මන්ත්‍රීවරයා ශ් රීලංකාවේ නිල ජනාධිපති මන්දිරයද පිහිටා ඇත්තේ ඒ අසල බව සඳහන් කරනවා.
එය බ්‍රිතාන්‍ය යුගයේ සුදු ජාතික ආණ්ඩුකාරවරයාගේ මන්දිරය වී තිබු බැවින් එම මන්දිරය ද චීනයට ලබාදී , එම ස්ථානයේ චීන ආණ්ඩුකාරවරයෙක්ව පදිංචි කරවීම වඩාත් උචිත බවයි මනෝ ගනේෂන් මහතා රජයට යෝජනා කරන්නේ.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි