Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සංහිදියාව පිළිබඳ අවධානය යොමු කරන්න – එක්සත් ජාතීන්ගේ මහලේකම් ජනාධිපතිවරයාට සිහිපත් කරයි

මානව හිමිකම් සහ සංහිඳියා ක්‍රියාවලිය පිළිබඳ අත්කරගෙන ඇති ප්‍රගතිය ජනපතිවරයා මහලේකම්වරයාට කියයි

සමෘද්ධිමත් අනාගතයක් කරා යාමට ඇති එකම ක්‍රමය ලෙස “සංහිඳියාව” සදහා මුල් තැන ලබා දේම බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙන්වා දී තිබෙනවා.

ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා ඇමරිකාවට ගොස් සිටින රාජපක්ෂ මහතා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී හමුවීමෙන් අනතුරුවයි.

කොවිඩ් -19 වසංගතය හමුවේ දිවයින පුරා අඛණ්ඩ අධ්‍යාපනය සහතික කිරීමත් සමඟ ආර්ථික ප්‍රකෘතිමත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ “සෞභාග්‍යමත් අනාගතයක් දෙසට ගෙන යා හැකි එකම ක්‍රමය ලෙස ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ප්‍රවර්ධනය කළ හැකි ක්‍රම පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

Covid19 වසංගතය හමුවේ ආර්ථික ප්‍රතිසංවිධානය සහ අඛණ්ඩ අධ්‍යාපන ක්‍රියාවලිය සහතික කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

About The Author