සංචාරක අංශයේ හා පෞද්ගලික අංශයේ නිරත වන්නන් විසින් ලබාදෙන බදු මුදල් වලින් රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවීම සිදු කරන බවත් වෘත්තීය සමිති විසින් ගෙනයන වැඩ වර්ජන හේතුවෙන් එම ක්‍රියාවලියට බාධා ඇතිවන බවත් එමගින් සංචාරක අංශයේ හා පෞද්ගලික අංශයේ නිරතවන්නන් ලබාදෙන බදු මුදල් විනාශ වන බවත් අබේවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේය.
වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ පසුගියදා රත්නපුරයේ පැවැති තරුණ හමුවකදීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීය.
“බංකොලොත් වූ රට යථාතත්ත්වයට පත්කරමින් රට නිසි මගට ගෙන යාමට කටයුතු කරන අවස්ථාවක සියලු ජනතාව කල්පනාවෙන් ක්‍රියාකළ යුතුයි. රජයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීමේ දී පෞද්ගලික අංශයේ සේවකයින් උපයන මුදලින් හා සංචාරක ව්‍යාපාරයන්හී යෙදෙන අය ලබාදෙන බදු මුදල් වලින් වැටුප් ගෙවීම සිදුවනු ඇත. රජයේ සේවකයන්ගේ ආයතනවලින් ආදායම් උපැද්දවීමක් සිදුනොකළත් රටක රාජ්‍ය සේවය පරිපාලනමය අවශ්‍යතා සඳහා යෙදවීම කළ යුතුව ඇත.
තම තමන්ගේ දේශපාලන වෙනස්කම් එසේ තබාගෙන රට ගැන සිතා වැඩ කරන්න යැයි සියලු දේශපාලන පක්ෂවලින් ජනාධිපතිවරයා ඉල්ලා ඇති අවස්ථාවක එයට එරෙහිව ඇතැම් දේශපාලන පක්ෂ පටු දේශපාලන වාසි සඳහා ක්‍රියා කිරීම කණගාටුදායක කරුණකි.
වැඩ වර්ජනයක් කිරීමෙන් පසු එය ජාත්‍යන්තර මාධ්‍යයන් ඔස්සේ ප්‍රකාශ කිරීම තුළ සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගනිමින් සිටින අවස්ථාවක ඒවා කඩා කප්පල් කළ විට රටේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම වෙනුවට එයට බාධා පැමිණෙනු ඇත.
සියලු ජනතාවට අමාරුකම් තිබෙන බව ජනාධිපතිවරයා හොඳින් දන්නා නිසා තමයි කිසිවෙක් රට බාර නොගන්නා අවස්ථාවක රට බාරගෙන නිසිමගට ගනිමින් සිටින්නෙ.
ජනාධිපතිවරයා ඉතා පැහැදිළිව ප්‍රකාශ කර ඇත්තේ රජයේ සේවකයන්ගේ සහ ඊට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ද වැටුප් වැඩි කළ යුතු බවයි. එම කාරණය දැන දැනම වෘත්තිය සමිති ව්‍යාපාර පාරට බැස ඒ සඳහා ලැබෙන ආදායම නැති කිරීමට ක්‍රියා කිරීම සංචාරක අංශයේ හා පෞද්ගලික අංශයේ අය ලබාදෙන බදු මුදල්, විනාශ කිරීමකි.”
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි