අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන දෙදෙනාට ගම්පහ මහාධිකරණය අද ඇප නියම කලා.
ඒ අභියාචනාධිකරණය මගින් නියම කරන ලද ඇප කොන්දේසි ගම්පහ මහාධිකරණය හමුවේ දී අද ඇප කරුවන් විසින් සපුරනු ලැබීමෙන් අනතුරුවයි.
ශානි අබේසේකර මහතාගේ ඇපකරුවන් ලෙස ඔහුගේ සොහොයුරන් දෙදෙනකු ද සුගත් මෙන්ඩිස් මහතාගේ ඇපකරුවන් ලෙස ඒ මහතාගේ බිරිඳ සහ පුතා ඇප කොන්දේසි සපුරාලීමට කටයුතු කරනු ලැබුවා.
අනතුරුව ශානි අබේසේකර මහතා මුදා හරින ලෙසට වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාටත්,සුගත් මෙන්ඩිස් මහතා මුදා හරින ලෙසට මහර බන්ධනාගාර අධිකාරිවරයාටත් ගම්පහ අංක දෙක මහාධිකරණ විනිසුරු එස්.වයි. මාපා බණ්ඩාර මහතා අද නියම කලා.
අභියාචනාධිකරණය විසින් සැකකරුවන් රුපියල් 25000ක් බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසටයි ඊයේ නියම කර තිබු නමුත් ඇප කොන්දේසි ඇතුලත් ලිඛිත නියෝගය නියමිත වේලාවට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට නොලැබීම හේතුවෙන් ලබන 30 වනදා දක්වා ඔවුන් දෙදෙනා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමටයි ඊයේ දිනයේ නියෝග කර තිබුනේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට