අසත්‍ය සාක්ෂි නිර්මාණ්‍ය කළ බවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස් යන අද (16) දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.
සැකකරුවන් දෙදෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියම කර ඇත්තේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.
නීතිඥ ගෞරි තවරාසා මහත්මිය මාර්ගයෙන් ශනි අබේසේකර මහතා සහ සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කොට තීන්දුව විනිසුරු මඩුල්ල මෙම නියෝගය සිදු කර ඇති අතර සැකකරුවන්ගේ විදෙස් ගමන් බලපත්‍ර ද අධිකරණයට භාරදෙන ලෙස නියෝග කර තිබෙනවා.
සැකකරුවන් පදිංචිව සිටින ලිපින වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව ද අධිකරණය දැනුවත් කළ යුතු බවට ද ඇප නියෝගය ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල දැනුම් දී තිබෙනවා.
මේ අතර පසුගියදා ශ්‍රී ලංකාවට එරෙහිව යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද යෝජනාව තුළද ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබුණා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට