Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ශානිට වෙච්චි දෙයක් – ඇප ලබා නිදහස් වූ ශානි අබේසේකර ලබන 30 වනදා තෙක් යළි රිමාන්ඩ් වූ හේතුව

අද උදෑසන අභියාචනාධිකරණය මගින් ඇප පිට නිදහස් කරන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් යන මහත්වරුන් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ගම්පහ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි.

අදාළ නියෝගය නිකුත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට සහ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනාට කොළඹ අභියාචනාධිකරණය මගින් ඇප නියම කළ ද එම ඇප නියෝගය අධිකරණය හමුවට ඉදිරිපත් වී නොමැති බැවින් අදාළ තීරණය ගනු ලබන බවයි.

ඒ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සම්බන්ධ නඩුවට බොරු සාක්ෂි නිර්මාණය කළ බව පැවසෙන නඩුව අද කැදවූ අවස්ථාවේදීයි.

ඒ අනුව ශානි අබ්සේකර සහ සුගත් මෝහන මෙන්ඩිස් යන සැකකරුවන් ලබන 30 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙනවා.

හෘද සැත්කමකට භාජනය වී ඇති දැනට රක්ෂිත බන්ධනාගාරයේ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ ජීවිතය අනතුරුදායක තත්ත්වයක ඇති බැවින් ඇප ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම කඩිනමින් විභාග කිරීමේ අවශ්‍යතාවය ඔහුගේ නීතිඥවරයා මීට පෙර  අභියාචනාධිකරණයේ දී අවධාරණය කර තිබුණා.

ඒ අනුව අදාළ සියළු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ශානි අබේසේකර මහතාට ඇප ලබා දුන් අභියාචනාධිකරණය එම නියෝගය ගම්පහ මහාධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කර තිබු අතර අධිකරණයට ඉදිරිපත්ව නැත්තේ අදාළ ඇප කොන්දේසිද ඇතුළත් නියෝගයයි.

© මුලාශ්‍ර – ලංකාදීප

About The Author