Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයත් ඇමති නාමල් රාජපක්ෂ යටතට – අලුත් වගකීම් රැසක්

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තවත් රාජ්‍ය අමාත්‍ය ධුරයක පසුගියදා දිවුරුම් දුන්නා.

ඒ ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ යි.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නාමල් රාජපක්ෂ මහතාට ලබාදුන් නව රාජ්‍ය අමාත්‍ය ධුරයට අදාල ගම සහ විෂය පථයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

අදාළ ගැසට් නිවේදනය හරහා නාමල් රාජපක්ෂ මහතා යටතට පත්කර ඇති ආයතන සංඛ්‍යාව 6ක්.

පසුගිය දිනවල මහත් ආන්දෝලනයට ලක් වූ ජනාධිපතිවරයා සතුව පැවති ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ද එම ආයතන හය අතරට ඇතුළත්.

මීට අමතරව අදාළ ගැසට් නිවේදනය හරහා “සුවිශේෂී ප්‍රමුඛතා” ලෙස දක්වමින් අපනයනය සහ ආයෝජන කලාප වල කටයුතු සඳහා මැදිහත් වෙමින් ක්‍රියා කිරීමේ හැකියාව ද නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට ලබාදී තිබෙනවා.

මීට අමතරව දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් , ප්‍රාදේශීය සහ පළාත් මට්ටමේ රාජ්‍ය නිලධාරීන් සහ ආයතන සම්බන්ධීකරණය කරමින් අපනයන හා දේශීය නිෂ්පාදන කර්මාන්තය ඉදිකිරීම් ස්ථාන මුහුණ දෙන ගැටළු විසඳීම මගින් විදේශ විනිමය ඉපයීම් සහ විදේශ විනිමය ඉතිරි කර ගැනීමට දායක විය හැකි ව්‍යාපාර පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීමද නාමල් රජපක්ෂ අමාත්‍යවරයාට පවරා තිබෙනවා.

About The Author