පොලිස් භාරයේ දී සිරකරුවන් මිය යාම ගැන පරීක්ෂණයක් ඉල්ලයි
පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මිය යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය පවසනවා.
ඇය මේ බව කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 47 වන සැසි වාරය ජිනීවා නුවරදී අමතමින්.
ශ්‍රී ලංකාවේ දැනට පවතින නීති පද්ධතිය අනුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර වසර දෙකක කාලයක් රඳවා තබා ගැනීමට හැකියාව පවතින බව පෙන්වා දෙන මානව හිමිකම් කොමසාරිස්වරිය පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මිය යාම් සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.
පොලිස් භාරයේදී සිදුවන මිය යාම් මෙන්ම පොලීසිය හා අපරාධ කල්ලි අතර ගැටුම්වලදී පුද්ගලයින් මිය යන බවට තමන් නිරීක්ෂණය කර ඇති බවයි ඇය ප්‍රකාශ කළේ.
සත්‍යවශයෙන්ම මෙහිදී සිදුව ඇත්තේ කුමක්ද යන්න පිළිබද පුළුල් හා ස්වාධීන විමර්ශනයක් පැවැත්විය යුතු බව සදහන් කරන මානව හිමිකම් කොමසාරිස්වරිය ඒ සඳහා ශ්‍රී ලංකා රජය සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළා.
මෙරට සුළු ජාතීන්ට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් ද තමන් අවධානයෙන් පසුවන බවයි ඇය එහිදී ප්‍රකාශ කළේ.
එමෙන්ම, මෙරට මානව හිමිකම් පිළිබද නව වාර්තාවක් ලබන සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය එහිදී සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට