කොවිඩ් වසංගතය චීනයෙන් ආරම්භ වුව ද, මේ වන විට ඔවුන් පසුකර යාමට ඉන්දියාවට සිදු වී තිබේ. ඒ, ආසාදිතයින් 189,765 ක් සහ මරණ 5,390ක් වශයෙන් සටහන් කරමිනි.
මෙම තත්ත්වය යටතේ වෛරසය පැතිරීම පාලනය කරන අතරතුර රට වටා පිහිටි නොයෙක් ප්‍රාන්තවල සේවයේ නියුතු ශ්‍රමිකයින් සිය නිවෙස් වෙත ඇරලවීම සඳහා ඉන්දියානු රජය විසින් “ශ්‍රමික්” යනුවෙන් දුම්රිය සේවයක් හඳුන්වා දී තිබේ. ඈත ප්‍රාන්තවල සිට පැමිණෙන්නවුන්ට පැය ගණනාවක් මෙම දුම්රිය තුළ රැඳී සිටීමට සිදු වේ. රජයේ නියෝගය වන්නේ එසේ ගමන් ගන්නා සියලු ශ්‍රමිකයින්ගේ ආහාර, සනීපාරක්ෂක පහසුකම් ආදී සියල්ල පිළිබඳ දුම්රිය සේවකයින විසින් සොයා බැලිය යුතු බව යි.
එහෙත් එම සේවය නිවැරදි ලෙස සිදු වනවා ද යන්න ගැටලුවකි. කුෂ්වන්ත් සිංගේ “අන්තිම දුම්රියේ” දී පාකිස්ථානයේ සිට ඉන්දියාවට පැමිණියේ මළ මිනී රැසකි. එහෙත් ඉන්දියානු රජය විසින් ක්‍රියාත්මක කෙරෙන “ශ්‍රමික්” දුම්රිය තුළ ද මෙවැනි මළ මිනී අවම වශයෙන් එකක් හෝ දක්නට ලැබෙයි. මගීන් පවසන්නේ අනෙකුත් අවශ්‍යතා තබා, අවම වශයෙන් සෑහෙන තරමේ වාතාශ්‍රයක්වත් තමන්ට නොලැබුණු බවයි. කුඩා දරුවන් හා කාන්තාවන් මෙසේ දිනෙන් දින මිය ගිය ගණනට එකතු වන්නේ දුම්රිය තුළ ඇති අපහසුතා විඳ දරා ගැනීමට අපහසු නිසා ම ය.
ඉන්දියානු රජයට මිලියන විස්සක පමණ ජනගහණයක් පිළිබඳ සොයා බැලීමට සිදුවී ඇති බව සත්‍යයකි. එහෙත් අවශ්‍ය තරමේ පහසුකම් සපයා දී ජනතාව රැක ගැනීම ද සිය වගකීමක් බව ඔවුනට අමතක වී තිබීම අවාසනාවකි.
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්