Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ශ්‍රී ලාංකේය ජනතාවට කොකා පෙන්වන පාලකයින්ට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම බර අවි අතට ගනී

ලංකා ඉතිහාසහේ ප්‍රථම වරට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙහි ප්‍රධානියා විසින් ශ්‍රී ලංකාවේ සිදුවී ඇති සහ සිදුවෙමින් පවතින ආර්ථික අපරාධ පිළිබඳ ප්‍රශ්නය මතු කර තිබෙන අතර රට බංකොලොත් කිරීමට වගකිව යුතු පුද්ගලයින් නීතිය හමුවට ගෙන ඒමට අවශ්‍ය බවට මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ වාර්තාවක් ඉදිරිපත්කරමින් අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් කිරීමට සහ මානව හිමිකම් කඩකිරීම් සහ ආර්ථික අපරාධ සඳහා දණ්ඩමුක්තිය ඇතුළු අර්බුදයට යටින් පවතින හේතූන් ආමන්ත්‍රණය කිරීමට සහාය දෙන ලෙස දිරිමත් කරයි.

ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් ඉතා බැරෑරුම් සන්ධිස්ථානයකට පැමිණ ඇති බවත් වත්මන් ආර්ථික අර්බුදයට මුල්වූ සාධක හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීම, ආර්ථිකමය අපරාධ සහ දුෂණය මැඩලීම සඳහා පියවර ගැනීම වැදගත් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි.

ශ්‍රී ලංකාවේ යුද සමයේ හා ඉන් අනතුරුව ඇතිවූ මානව හිමිකම් පිළිබඳව වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙතෙක් කලක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අවධානය යොමුකර තිබූ අතර මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිවයුත්තන් ට එරෙහිව ක්‍රියා කිරීමද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

අදාළ වාර්තාව මෙතැනින් කියවන්න..

About The Author